බුද්ධදත්ත පාලි අකාරාදිය – 492

බහුලීකම්ම

න. නිතර කිරීම; නිතර පුරුදු කිරීම; වැඩි කිරීම.

බහුලීකරණ

න. නිතර කිරීම; නිතර පුරුදු කිරීම; වැඩි කිරීම.

බහුලීකරොති

(බහුල+ඊ+කර+ඔ) අධිකව පිළිපදී; බොහෝ සේ කරයි; වැඩි කරයි.

බහුලීකාර

පු. නිතර පිළිපැදීම; වැඩිකිරීම.

බහුවචන

න. එක්දෙයකට වැඩිදේ ප්‍රකාශක වචනය.

බහුවිධ

3. නානාවිධ වූ.

බහුස්සත

3. ඇසූ බොහෝ දේ ඇති; උගතා.

බහුසො

නි. බොහෝ සේ.

බහූපකාර

3. බොහෝ උපකාර ඇති.