බුද්ධදත්ත පාලි අකාරාදිය – 491

බහු

3. අධික වූ; බොහෝ; බොහෝ වූ; බොහෝදෙන.

බහුක

3. අධික වූ; බොහෝ; බොහෝ දෙන; බොහෝ වූ.

බහුකරණීය

3. බොහෝ කටයුතු ඇති.

බහුක්ඛත්තුං

නි. බොහෝ වාරගණනක්.

බහුකාර

3. ඉතා ප්‍රයෝජනවත්; බොහෝ උපකාර ඇති.

බහුකිච්ච

3. බොහෝ වැඩ ඇති.

බහුජන

පු. බොහෝ දෙන.
පු. මහත් සමූහය.

බහුජාගර

3. බොහෝ සේ නොනිදා සිටින.

බහුත්ත

න. බොහෝ බව.

බහුධන

3. බොහෝ ධනය ඇති.

බහුධා

නි. නොයෙක් ආකාරයෙන්.

බහුප්පද

3. බොහෝ දේ දෙන; පු. බොහෝ පා ඇති සතා.

බහුබ්බීහි

3. අන්‍යාර්ථ සමාසය; බොහෝ වී ඇත්තා.

බහුභණ්ඩ

3. බොහෝ බඩු ඇති.

බහුභාණිතා

ඉ. වැඩි කථා ඇති බව.

බහුභාණී

3. බොහෝ දොඩන්නා.

බහුභාව

පු. බොහෝ බව.

බහුමත

3. බොහෝ දෙන විසින් සලකනු ලැබූ; සම්මත වූ.

බහුමාන

න. ගෞරවය; බුහුමන.

බහුල

3. අධික වූ; බහුල වූ.

බහුලං

.ක්‍රි .වි බොහෝ සේ.

බහුලතා

ඉ. බොහෝ බව.
ඉ. අධික බව.

බහුලා

ඉ. එනසාල්.

බහුලීකත

3. පුරුදු කළ; වැඩිකළ.