අංශකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කොටස; භාගය.
2. නා. වෘත්තයකින් 1/360 පංගුව.
3. නා. පෘථිවිගෝලය පරික්ෂේප කොට තිබෙන රේඛාවකින් 1/360 කොටස.
4. (පාරිභා.) නා. උෂ්ණත්වය මැනීමේ ඒකකය; කෝණ මැනීමේ ඒකකය(=degree).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. භාගය; කොටස; වෘත්තයකින් 1/360 කොටස/කෝණ මැනීමේ ඒකකය (සං. අඞ්ශක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. degree