සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 4

අංගුලය

නා. ඇඟිලි මිම්ම; අඟල; වියතින් නවයෙන් කොටස.

අංගුලි පර්වය

නා. ඇඟිලි පුරුක; ඇඟිල්ලේ එක් එක් සන්ධියකින් සීමා වූ කොටස.

අංගුලිකා

1. නා.ප්‍ර. ඇඟිල්ල; කුඩා ඇඟිල්ල; සුළැඟිල්ල.
2. නා.ප්‍ර. බඩවැලෙහි ඇඟිලි හැඩය ගත් කෙඳි වැනි ප්‍රසර.

අංගුලිය

නා. ඇඟිල්ල.

අංචිත

වි. පුදන ලද; වන්දනය කරනු ලැබූ.

අංචිය

1. (කථා.) නා. යමකුට කරදර කිරීමෙහි යොදන උපාය; උගුල.
2. නා. ඇබැද්දිය; අකරතැබ්බය.

අංජන කැට

නා.ප්‍ර. ඇස්වල ගෑමට ගන්නා ඛනිජ ධාතු විශේෂයක්.

අංජන කුලය

(නා. ) කාළවර්ණ වූ ඇත් කුලයක්.

අංජන ශලාකාව

නා. අඳුන් ගාන තෙලිකූර.

අංජනදලූ

නා.ප්‍ර. ලී ලෝහ ආදියෙහි කැටයම් කරනු ලබන ලියකම් විශේෂයක්.

අංජනම

1. නා.ප්‍ර. අඳුන; ඇසෙහි ගාන රසායන බෙහෙත.
2. නා.ප්‍ර. පේන බැලීම පිණිස ජීවම් කරගන්නා ලද ආලේප විශේෂය.

අංජනම් දේවී

නා. අංජනම් එළියෙන් ශාස්ත්‍ර කීමට උදවු වෙතියි විශ්වාස කරනු ලබන දෙව්දුව.

අංජනය

නා. ඇස අඳුන් ආලේප කිරීම; ඇස ගාන ආලේපය.

අංජලි

නා.ප්‍ර. අංජලිය; අඤ්ජලිය බ.

අංජලිකරණය

නා. දොහොත් මුදුන් දී කරන නමස්කාරය; ඇඳිලි බැඳීම.

අංජලිපුටය

නා. ඇඟිලි එකතු කොට ගොටු ගසා එසවූ දෙඅත්ල; නමස්කාර වශයෙන් එක් කොට නැඟූ දෝත.

අංජලිය

නා. ඇඟිලි එකතු වන සේ ඔසවා ගත් දෙඅත; අභිවාදනයට නැඟූ දෝත.

අංබරුවා

(කමත්.) නා. ගවයා; මීමා.

අංමඩුව

නා. අං ආබරණ පේ කොට තබන මඩුව.

අංමුවා

වි. අඟින් සාදන ලද.

අංශ රූපය

නා. අංශයක් පෙන්වන රූපය; පාර්ශ්වයක ආකාරය දක්වන ප්‍රතිබිම්බය.

අංශකය

1. නා. කොටස; භාගය.
2. නා. වෘත්තයකින් 1/360 පංගුව.
3. නා. පෘථිවිගෝලය පරික්ෂේප කොට තිබෙන රේඛාවකින් 1/360 කොටස.
4. (පාරිභා.) නා. උෂ්ණත්වය මැනීමේ ඒකකය; කෝණ මැනීමේ ඒකකය(=degree).

අංශභාගය

නා. ශරීරයේ එක් අංශයක් පණ නැති වීම ලක්ෂණ කොට ඇති රෝගය; පක්ෂාඝාතය.

අංශය

1. නා. භාගය; පංගුව.
2. නා. දිශාව; පැත්ත.
3. (පාරිභා.) නා. පාර්ශ්වය (=lateral); කොටස (=inaredient); පාදය (=side).
4. නා. යම්කිසි කාර්ය මණ්ඩලයක ශාඛාව.