සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 5

අංශුක

1. නා.ප්‍ර. සිනිඳු රෙද්ද.
2. වැස්ම; කබාය; හැට්ටය.

අංශුධර

නා.ප්‍ර. රශ්මි ධාරා දරන්නා; හිරු; සූර්යයා.

අංශුමාත්‍රය

නා. ඉතා ටික; ඉතා ස්වල්පය; බිංදු මාත්‍රය.

අංශුමාලාව

නා. රැස්මාලාව; ආලෝකධාරාව.

අංශුමාලී

නා.ප්‍ර. රැස්මාලාවක් ඇති තැනැත්තා; සූර්යයා.

අංශුව

1. නා. ඉතා කුඩා කොටස; කුඩා කැබැල්ල; ස්වල්පය.
2. නා. ආලෝක ධාරාව; රශ්මිය.

අංස මර්මය

නා. උරහිස හා ගෙල අතර පිහිටි මරුපළ.

අංසකඩය

නා. භික්ෂූන් වහන්සේ සිවුරට යටින් වම් උරය වසා අඳින සැට්ට විශේෂය.

අංසකය

1. නා. උරහිස.
2. නා. ශරීර පාර්ශ්වය.
3. නා. අංසකඩය.

අංසකූටය

නා. උරහිස; දසරුව.

අංසානම

නා. ජල යාත්‍රාවල රුවල ගැට ගසන රිට; රුවල් ලීය.

අංසිනය

නා. අංශයක් දුබල වීම; අංශයක් හානි වීම; අබ්බගාතය.

අඃ

නි. කෝපය, සන්තාපය, ඛේදය, පසුතැවිල්ල ආදි අර්ථ ප්‍රකාශ කරන නිපාත පදයක්.

අඍක්

නා.ප්‍ර. ලේ; රුධිරය.

අක

1. නා. දුක; ශෝකය; වධය; වේදනාව.
2. නා. ඇස; නේත්‍රය.
3. නා. දාදු කැටය.
4. නා. දූ කෙළිය.
5. නා. වී ඇට විස්සක බර.
6. නා. වී ඇට විස්සක බරින් යුත් රන් කාසිය.
7. නා. ටික; ස්වල්පය.
8. නා. රියෙහි අලවංගුව.
9. නා. ලකුණ; සටහන.
10. නා. අංකය; ඉලක්කම.
11. නා. විදුලිය.
වි. පටු; හැකුළුණු.

අකටයුතු

වි. කිරීමට නුසුදුසු; නොකළ යුතු වූ; අයුතු.

අකටවිකට

නා.ප්‍ර. විහිළු තහළු; විගඩම්; උසුළු විසුළු.

අකඩ

වි. නොකැඩුණු; අඛණ්ඩ.

අකණ

1. නා. පින් කළ නොහැකි කාලය; නුසුදුසු කාලය; අක්ෂණය.
2. නා. විදුලිය; අකුණු පහර; විද්යුල්ලතාව.

අකත

වි. නොකළ; නොසාදන ලද.

අකනිටා

නා.ප්‍ර. බ්‍රහ්මලෝක දහසයෙන් එකක නාමය.

අකපට

නා. නවගුණවැල; අක්ෂමාලාව.
වි. කපටි නොවූ.

අකපටු

1. වි. හැකුළුණු.
2. වි. ගැවසී ගත්.

අකප්පිය

(විනය.) වි. නුසුදුසු; අකැප; අසාරුප්‍ය.

අකබඹරු

වි. අගින් කරකැවී ගිය; අග වකුටු වූ;