සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 6
අකම්
(ව්‍යාක.) වි. කර්ම පදයක් නොගන්නා; කර්මයක් නොමැති.
අකම්ප
වි. නොසෙල්වෙන; කම්පා නොවන.
අකමැති
වි. කැමැත්තක් නැති: අරුචි
අකර
1. නා. අකුර; අක්ෂරය.
2. නා. අංකුරය; මොරෙය්යා.
3. නා. යම් යම් දේ එකතු වී ඇති තැන; ඛනිජ සම්පත් එක්රැස් වී ඇති ස්ථානය; ආකරය.
4. නා. ආකාරය; අයුර.
අකරණීය
වි. නොකටයුතු; නොකළමනා; අකර්තව්‍ය.
අකරතැබ්බය
නා. බලාපොරොත්තු නොවූ කරදරය.
අකරදාරුව
නා. ප්‍රථම භාර්යාවගෙන් දික්කසාද නොවී දෙවන භාර්යාවක් පාවා ගැනීමේ දී පුරුෂයකු විසින් එම දෙවන කාන්තාව වෙත දෙනු ලබන පොරොන් පත්‍රය.
අකර්ණනය
නා. ඇසීම; ශ්‍රවණය කිරීම.
අකර්තව්‍ය
වි. නොකළ යුතු; නොකටයුතු.
අකර්මක ක්‍රියාව
(ව්‍යාක.) නා. කර්මයක් අපේක්ෂා නොකරන ක්‍රියා පදය.
අකර්මක ධ්‍රැවය
(පාරිභා.) නා. වැඩියෙන් ම බීජාන්නය ඇත්තා වූ ද ඩිම්බ න්‍යෂ්ටියෙන් හැකිතාක් දුරස්තර වූ ද මතුපිට වූ ලක්ෂ්‍යය (=vegetative pole).
අකර්මක ධාතුව
නා. (ව්‍යාක.) කර්මයක් අපේක්ෂා නොකරන ධාතුව හෙවත් ක්‍රියා මූලය.
අකර්මජ
වි. කර්මයෙන් නූපන්; කර්මයෙන් නොහටගත්.
අකර්මණ්‍ය
1. වි. යම් කටයුත්තක නොයෙදිය හැකි; අලස; කුසීත.
2. වි. පොලී ගෙවීමක් නැති; වැඩකට නොයොදන ලද.
අකල
නා. නුසුදුසු කාලය; අනියම් කාලය.
අකලංක
වි. කැළැල් නැති; ලප නැති.
අකල්
1. වි. අකාලයෙහි වූ; නොකල්හි සිදු වන; අවේලාවෙහි වු.
2. වි. යහපත් නොවූ; ප්‍රිය නොවූ; අකල්‍ය.
නා.ප්‍ර. නුසුදුසු කාලය; අනියම් කාලය.
අකල් මරණය
නා. අකාලයේ සිදු වූ මරණය.
අකල්මාෂ
වි. ලප රහිත; නොකැළැල්.
අකල්ලකයා
නා. ලෙඩ වූ තැනැත්තා; රෝගියා.
අකවටුව
නා. උක්කුටික ව හිඳ ගැනීමේ ක්‍රමයක්.
අකවනවා
1. (කථා.) ක්‍රි. හිරකරනවා; අවුරනවා.
2. ක්‍රි. (කුඹුරක වතුර) නවත්වනවා.
අක්
නා.ප්‍ර. අග; කෙළවර; මුදුන.