සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 7
අක් දකිනවා
ක්රි. කෙළවර දකිනවා; යම් කටයුත්තක් නිමාවට පැමිණෙනවා.
අක් දලුව
නා. මුදුනේ ඇති දලුව; අකුරුදල්ල.
අක් දහර
නා. කඳුල; අක්ෂි ධාර; අශ්රධාරාව.
අක් දූව
නා. පස ඇට දමන සූදුව; කැටගැසීම.
අක් දෙරිය
නා. ගෙයක ඉදිරිපස වූ පිල් කෙළවර; ආලින්දය; නිසවත්ත.
අක් වැල්ල
නා. ගොඩබිම කෙළවරෙහි මුහුදු ජලය හා ස්පර්ශ වෙමින් පවතින වැලි තීරුව.
අක් වැස්ම
නා. පැළෑටියක මුලේ කෙළවර පවතින ආරක්ෂක කොපුව.
අක් වැස්ස
නා. ග්රීෂ්ම සෘතුව අග දී කලක් වැසි නැති ව තිබී වසින වැස්ස; අලුත් වැස්ස.
අක්උවටා
නා.ප්ර. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නවුන් ගෙන් අගතැන්පත් තැනැත්තා; අග්රෝපස්ථායකයා.
අක්කණ්ඩි
1. නා. වැඩිමහල් සහෝදරිය; අක්කා.
2. නා. තමාට වඩා වැඩිමහල් ස්ත්රිය.
අක්කම්මා
(කථා.) නා. මව ගේ වැඩිමහල් සොහොයුරිය; ලොකු අම්මා; මහම්මා.
අක්කමාව
නා. පැකිලීම; පසුබෑම; අක්ෂමාව.
අක්කර
නා.ප්ර. අක්කරය බ.
අක්කර ඉඩම
නා. ආණ්ඩුවෙන් මැන බේරුම් කළ ඉඩම; අක්කර වශයෙන් ආණ්ඩුවෙන් මිලට ගන්නා ඉඩම.
අක්කර බද්ද
ඉඩම් අයිතිකරුවන්ගෙන් ඉඩම් භුක්තිය වෙනුවෙන් අය කරන වාර්ෂික බදු මුදල.
අක්කරම්
නා.ප්ර. කුඩා දරුවන් ගේ දිවෙහි බැඳෙන සුදු හෝ කළු මැලියම් සහ එය ලක්ෂණ කොට ඇති රෝගය; උල්ලෝගම්.
අක්කරමාව
( කථා) නා. අකුරක ප්රමාණය; ඉතා ස්වල්පය අක්ෂර මාත්රය.
අක්කරය
නා. වර්ග යාර 4840 ක හෙවත් රූඩ් හතරක හෙවත් පර්චස් එකසිය හැටක බිම් ප්රමාණය; හෙක්ටයාර් 0.405 ක ක්ෂේත්රඵලය.
අක්කල්
වි. දුර්වල; පිරිහුණු.
අක්කල් කැස්ස
නා. කක්කල් කැස්ස. හුස්ම ගැන්මට අපහසු වන තෙක් දැඩි කැස්සක් ඇති කරන රෝගය.
අක්කස්ස
නා. කුඹුර; කෙත.
අක්කා
1. නා. වැඩිමහල් සහෝදරිය; දෙටු සොහොයුරිය.
2. (කථා.) තමාට වැඩිමහල් ස්ත්රිය.
අක්කැත්ත
1. නා. අග කොටස; අන්තිම කෙළවර.
2. නා. යුෂ සඳහා කිතුල් මලක් හෝ පොල් මලක් අවසාන වරට කැපීම.
3. නා. කුඩා කැත්ත.
අක්කැමියා
නා. අගය නියම කරන්නා; තක්සේරුකරු.