සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 8
අක්කියාළ
(කථා.) නා. ගොයම් කපා පළමුවෙන් ම බුදුන් වහන්සේට හෝ දෙවියන්ට හෝ වෙන් කරන කොටස.
අක්කෝසකයා
නා. ගරහන්නා; පරිභව කරන්නා.
අක්කෝසනය
නා. ගැරහීම; පරිභව කිරීම.
අක්කෝසය
නා. පරිභවය; ආක්රෝශය.
අක්ඛ
1. නා.ප්ර. රථයක අලවංගුව; අක්ෂය.
2. නා.ප්ර. දූ කෙළිය; දූ කෙළියේ දී භාවිත කරන දාදු කැටය.
3. නා.ප්ර. විනිශ්චය ශාලාව.
අක්ඛ ධූර්තයා
නා. දූ කෙළියෙහි ලොල් තැනැත්තා.
අක්ඛ සොණ්ඩයා
නා. සූදුකාරයා; දූ කෙළියට ඇබ්බැහි වු තැනැත්තා.
අක්ඛරය
1. නා. අකුර; අක්ෂරය.
2. නා. වෙනස් නොවන තැන; නිවන.
අක්ඛි මල
නා. ඇසෙහි ඇති වන මල; කබ.
අක්ත පත්රය
නා. නිල හෝ පදවි පැවරීමේ දී පිරිනැමෙන ලියවිල්ල; තානාන්තර බලපත්රය.
අක්තලය
(පාරිභා.) නා. කෘමීන්ගේ අවසාන උදර දෛහ පිණ්ඩයේ පිටිතලය (=pygidium).
අක්දිවි
නා.ප්ර. සූදුකාරයා; අක්ෂධූර්තයා.
අක්නිය
1. නා. නිය පොත්තේ කෙළවර; නිය අග.
2. බඩගින්න; කුසගින්න ජඨරාග්නිය.
අක්පතළය
නා. ආහාර පිසීමට ගනු ලබන කට පළල් ලොකු මැටි බඳුන; ඇතිළිය; අප්පල්ල.
අක්පය
නා. පයෙහි අග කොටස; පා අග; පාදාන්තය.
අක්පා මට්ටම
(පාරිභා.) නා. ජම්බාර කනු බැස්සීමේ දී එහි පත්ල රඳවන මට්ටම.
අක්පාව
(පාරිභා.) නා. වේල්ලක යටිගං පැත්තෙහි පිහිටි පතුල් කෙළවර.
අක්පිටුව
අ. නා. පිටපැත්තේ කෙළවර; අග පිට පැත්ත.
අක්පිල්ල
නා. මාළු බාන බිළී පිත්තෙහි කෙළවර.
අක්පෙනුම
(පාරිභා.) නා. යම් දෙයක කෙළවරකින් බැලූ විට එය පෙනෙන ආකාරය.
අක්බමරය
නා. පුවක් ගෙඩියක හැඩහුරුකමට ලීයෙන් තනා නූලක් ඔතා බිම ගසා කරකවන බමර විශේෂයක්.
අක්බරුව
නා. කිතුල් මල්, කෙහෙල්මල් ආදිය පහතට නැමීම සඳහා බර පිණිස අගට එල්ලන ගල
අක්මඩිය
(පාරිභා.) නා. ඇතැම් සන්ධිපාදිකයන් ගේ සිලෝමිත ප්රණාලයක් අවසාන වන කුඩා සිලෝමිත කෝෂය.
අක්මනවා
1. ක්රි. පාගනවා; පා තබනවා; මඬිනවා.
2. ක්රි. පරාජය කරනවා; මඬිනවා.
3. ක්රි. ඉක්මවනවා; අතික්රමණය කරනවා.