සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 9
අක්මා ශාකය
(පාරිභා.) නා. බ්රියෝපීට ශාක කාණ්ඩයට අයත් පාසි වර්ගවලට නෑකම් කියන පැතලි ශාක වර්ගයක් (=liverwort).
අක්මාක්රේනය
(පාරිභා.) නා. ග්ලැසියරයක් දිය වී දොළක් බවට හැරෙන ප්‍රදේශයෙහි, ඒ මගින් එ තෙක් ගෙන යනු ලබන ඇති පස් සහ කුඩා ගල්කැට ආදියෙන් යුත් තැන්පත්වූ ගොඩැල්ල.
අක්මාපැතැල්ලා
(පාරිභා.) නා. ගව, එළු, බැටළු ආදි සතුන් ගේ පිත්ත ප්‍රණාලයේ සිටින ට්රෙමටෝඩා පණුවෙක්.
අක්මාව
නා. හදවතට හා පෙණහලු දෙකට යට මහා ප්‍රාචීර පේශියට පහතින් ඇති විශාල ග්‍රන්ථිය; කැවුත්ත.
අක්මී
නා.ප්‍ර. වේ තුඹස ඇතුළේ පිහිටි වදය; වේයන්ගේ කූඩුව; වේ වදය.
අක්මුල්
නා.ප්‍ර. අග සහ මුල; පටන්ගැන්ම සහ අවසානය; දෙකෙළවර; ආදිය හා අන්තය.
අක්යල් වී
(කථා.) නා.ප්‍ර. බැත මනින විට පළමු ව දෙවියන්ට පූජා කිරීමට වෙන් කරන වී ලාහ; අක්යාළ.
අක්රානියා
(පාරිභා.) නා.ප්‍ර. කෝඩාටා වංශයේ කපාල හෝ හනු කශේරුකා හෝ සඟල වරල් හෝ නැති සතුන් ඇතුළත් මහා බෙදුම.
අක්ලිෂ්ට
වි. කිලිටි නොවූ; පිවිතුරු.
අක්වටය
(පාරිභා.) නා. වෘත්තාකාර හෝ අණ්ඩාකාර හැඩයක් දරන්නා වූ ද බොහෝ විට අංක දැක්වීමට සූචකයක් සවි කර ඇත්තා වූ ද ක්‍රමාංකිත තහඩුව; අංක මූණත (=dial).
අක්වරුව
(කථා.) නා. වී හුළං කිරීමේ දී හොඳ වී ගොඩ අගට එකතු වන හොඳින් කිරි නොවැදුණු කොටස.
අක්ෂ කශේරුකාව
නා. බෙල්ලේ දෙවැනි කශේරුකාව.
අක්ෂ ක්‍රීඩාව
නා. දාදු කැට දැමීමෙන් කරන ක්‍රීඩාව; දූ කෙළිය; සූදුව.
අක්ෂ කීලය
(පාරිභා.) නා. ඇතැම් ප්‍රොටොසෝවා ජීවීන් ගේ සිහින්, නැමෙන-සුලු, ඓන්ද්‍රීය ස්වභාවය ගත් කූරක් වැනි අවයවය (= axostyle).
අක්ෂ දණ්ඩ
නා. වාහනයට රෝද සවි වී තිබෙන හරස් දණ්ඩ; ඇක්සලය; අලවංගුව (= axle).
අක්ෂ ධූර්තයා
නා. දු කෙළියෙහි ලොල් වූ තැනැත්තා.
අක්ෂ භේදය
නා. පොළවේ අක්ෂය පිළිබඳ ස්ථානයන්ගේ වෙනස; අක්ෂාංශයන්ගේ වෙනස.
අක්ෂ මාත්‍රාව
නා. බුළු ගෙඩියක ප්‍රමාණය; තුන් කළඳක බර.
අක්ෂ මාලාව
නා. නවගුණවැල; ජපමාලය.
අක්ෂ සූත්‍රය
නා. ජප කිරීමට භාවිත අක්ෂමාලාව; නවගුණවැල.
අක්ෂක
නා.ප්‍ර. උරහිසෙහි ඉදිරිපස සිරස් අතට පිහිටි ඇටය; අකු ඇටය, අක්ෂකාස්ථිය.
වි. අක්ෂකාස්ථියට අයත්; අක්ෂයට සම්බන්ධ.
අක්ෂකාස්ථිය
[අක්ෂක + අස්ථිය]
(පාරිභා.) නා. උරයෙහි ඉදිරිපසින් තිරස් අතට පිහිටි ඇටය; අකුඇටය(=collar bone).
අක්ෂණ
1. වි. අවස්ථාවට නොගැළපෙන; කාලෝචිත නොවන.
2. වි. බොහෝ කල් පවතින; චිරස්ථායි.
අක්ෂණ දේශනාව
නා. කුසල් කිරීමට නුසුදුසු වූ හෝ අවකාශ වූ කාල අට පිළිබඳ ව කරන දේශනාව.