සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 10
අක්ෂම
වි. නොහැකි, බැරි, නොසමත්.
අක්ෂය
1. නා. රථයක අලවංගුව; අක්ෂ දණ්ඩ.
2. නා. යම්කිසි වස්තුවක් තුළින් ගමන් කරතැයි සැලකෙන සත්‍ය වූ හෝ කල්පිත වූ සරල රේඛාව.
3. නා. සමාකාර ව දෙපැත්තට විහිදෙන ශාඛා දරා සිටින ඕනෑ ම ශාක කොටසක්; පාර්ශ්වික ශාඛා ඇති ශාක කැබැල්ල.
4. නා. දාදු කැටය; පස ඇටය; දාදුව.
5. නා. ජපමාලා සෑදීමට ගන්නා රුද්රාක්ෂ ආදි ඇට.
6. නා. බර ප්‍රමාණයක්; තුන් කළඳ.
7. නා. ඇස, නේත්‍රය; අක්ෂිය.
8. නා. විනිශ්චය; තීරණය.
9. නා. උසාවිය.
වි. අඩු නොවන; නොගෙවෙන; ක්ෂය නොවන.
අක්ෂර
වි. නොනස්නා; ක්ෂය නොවන.
නා.ප්‍ර. අකුර.
අක්ෂර කෞශල්‍යය
නා. කියවීමෙහි හා ලිවීමෙහි සමත්කම; අක්ෂර විද්‍යාවෙහි නිපුණ බව; උගත්කම.
අක්ෂර දෝෂය
නා. අකුරු පිළිවෙළ වෙනස් වීමෙන් වන වරද; අකුරෙහි දෝෂය; වැරදි වර්ණ වින්‍යාසය.
අක්ෂර මාලාව
නා. හෝඩිය; වර්ණමාලාව; අක්ෂරාවලිය.
අක්ෂර වින්‍යාසය
නා. අකුරු යෙදීමේ පිළිවෙළ; අකුරු නිසි පරිදි ව්‍යවහාර කිරීම.
අක්ෂරය
නා. අකුර
අක්ෂරාගමය
[අක්ෂර + ආගමය]
(ව්‍යාක.) නා. අමුතුවෙන් අකුරක් පැමිණවීම; බාහිර හෝ අභ්‍යන්තර සන්ධියක දී අකුරක් අමුතුවෙන් පැමිණවීම; අකුර ආගම වීම.
අක්ෂරාදේශය
[අක්ෂර + ආදේශය]
(ව්‍යාක.) නා. අකුරක් වෙනුවට අන් අකුරක් පැමිණීම නොහොත් පැමිණවීම.
අක්ෂරාභ්යාසය
[අක්ෂර + අභ්‍යාසය]
නා. ලිවීම හා කියවීම පුරුදු වීම; අකුරු ඉගෙනීම; අකුරු පුහුණු කිරීම.
අක්ෂරෝච්චාරණය
[අක්ෂර + උච්චාරණය]
නා. අකුරු හරිහැටි ශබ්ද කිරීම; අකුරුවලට පාදක වූ ශබ්ද උත්පත්ති ස්ථාන අනුව නියම ලෙස උච්චාරණය කිරීම.
අක්ෂරෝත්පත්තිය
[අක්ෂර + උත්පත්තිය]
නා. අකුරු ඉපදීම; අකුරු හටගැනීම; අක්ෂරවල උපත.
අක්ෂාංශය
නා. සමකයේ සිට උතුරු දෙසට හෝ දකුණු දෙසට අංශකවලින් මනිනු ලබන දුර ප්‍රමාණය; සමකයේ පටන් නියමිත කෝෂික දුරක් ඇති ස්ථානය; කක්ෂතලයේ පටන් ඇති කෝණික දුර.
අක්ෂාම්ය
වි. ඉවසිය නොහැකි; ක්ෂමා කළ නොහැකි.
අක්ෂාර ලවණ
නා.ප්‍ර. මූදු ලුණු; සවිඳ ලුණු.
අක්ෂි
නා.ප්‍ර. ඇස; අක්ෂිය
අක්ෂි උන්මීලනය
නා. ඇස ඇරීම; ඇස් විදහා බැලීම.
අක්ෂි කාචය
1. (පාරිභා.) නා. ඇසෙහි විනිවිද පෙනෙන ලක්ෂණයෙන් යුත් කොට (=eye lens).
2. නා. ඇසෙහි සෑදෙන පටල රෝගයක්.
අක්ෂි කූටය
1. නා. ඇස් ගුළිය; අක්ෂි ගෝලය.
2. නා. ඇසට ඉහළින් නෙරා සිටි කොටස.
අක්ෂි කූපය
නා. ඇස් ගෙඩිය පිහිටා තිබෙන කුහරය; ඇස් වළ; ඇස් කෙවෙණිය.
අක්ෂි ගුලය
නා. ඇසෙහි ගෝලයක් වැනි කොටස; ඇස් ගුළිය.
අක්ෂි ගූථය
නා. ඇසින් වැගිරෙන මල; කබ.
අක්ෂි ධාරා
නා.බහු. ඇසින් වැගිරෙන දියර; කඳුළු.