අක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රථයක අලවංගුව; අක්ෂ දණ්ඩ.
2. නා. යම්කිසි වස්තුවක් තුළින් ගමන් කරතැයි සැලකෙන සත්‍ය වූ හෝ කල්පිත වූ සරල රේඛාව.
3. නා. සමාකාර ව දෙපැත්තට විහිදෙන ශාඛා දරා සිටින ඕනෑ ම ශාක කොටසක්; පාර්ශ්වික ශාඛා ඇති ශාක කැබැල්ල.
4. නා. දාදු කැටය; පස ඇටය; දාදුව.
5. නා. ජපමාලා සෑදීමට ගන්නා රුද්‍රාක්ෂ ආදි ඇට.
6. නා. බර ප්‍රමාණයක්; තුන් කළඳ.
7. නා. ඇස, නේත්‍රය; අක්ෂිය.
8. නා. විනිශ්චය; තීරණය.
9. නා. උසාවිය.
වි. අඩු නොවන; නොගෙවෙන; ක්ෂය නොවන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රථයක අලවංගුව/අක්ෂාංශය/දාදුකැටය (සං. අක්‍ෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. axis
2. n. die
3. a. imperishable
4. n. latitude
5. Law. pawn
6. a. permanent