අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 3
අක්ඛධූර්ත
වි. දූ කෙළියෙහි ලොල් (පා. අක්ඛධුත්ත සං. අක්ෂධූර්ත)
අක්තපත්‍රය
නා. නිලයකට හෝ පදවියකට හෝ පත් කිරීමේදී පිරිනැමෙන බලපත්‍රය (පුර්. actapacto)
අක්බඹරු
වි. බොකුටු වූ අග්‍ර ඇති; අගින් කැරලි ගැසුණු
අක්යාළ
නා. අස්වැන්නෙන් පළමුව බුදුන්ට හෝ දෙවියන්ට පුදන කොටස
අක්ෂණය
නා. කුසල් කිරීමට නුසුදුසු හෝ කුසල් කළ නොහැකි කාලය/විදුලිය; අකුණ (සං. අක්ෂණ පා. අක්ඛණ)
අක්ෂදණ්ඩ
නා. වාහනයක රෝද සවි වී තිබෙන හරස් දණ්ඩ; අලවංගුව
අක්ෂධූර්ත
වි. අක්ඛධූර්ත
අක්ෂම
වි. නොහැකි (සං. අක්ෂම)
අක්ෂමාලාව
නා. නවගුණ වැල; ජපමාලාව (සං. අක්ෂ+මාලා)
අක්ෂය
නා. රථයක අලවංගුව/අක්ෂාංශය/දාදුකැටය (සං. අක්ෂ)
අක්ෂර
නා.ප්‍ර. අකුරු (සං. අක්ෂර)
අක්ෂර වින්‍යාසය
නා. අකුරු යෙදීමේ පිළිවෙළ; අකුරු ව්‍යවහාරය (සං. අක්ෂරවින්යාස)
අක්ෂරාභ්යාසය
නා. අකුරු ඉගෙනීම; ලිවීමට කියවීමට පුරුදු වීම
අක්ෂරෝච්චාරණය
නා. අකුරු නිවැරදිව ශබ්ද කිරීම
අක්ෂරෝත්පත්තිය
නා. අකුරු ඉපදීම
අක්ෂරෝද්ග්‍රහණය
නා. අකුරු ඉගෙනීම
අක්ෂාංශ
නා.ප්‍ර. සමකයෙහි දෙපස පෘථිවි පෘෂ්ඨයේ උතුරෙහි හෝ දකුණෙහි හෝ පිහිටි යම් තැනකට පෘථිවි කේන්ද්‍රයේ සිට මනින කෝණික දුර (සං. අක්ෂාංශ)
අක්ෂි
නා.ප්‍ර. ඇස (සං. අක්ෂි)
අක්ෂි ගූථය
නා. ඇසෙන් වැගිරෙන මල; කබ
අක්ෂි ගෝලය
නා. ඇස් ගුළිය
අක්ෂි පටලය
නා. ඇසෙහි ඇති සියුම් සිවියක්/ඇසෙහි හටගන්නා රෝගයක්
අක්ෂි පථය
නා. ඇසට හසු වන මානය; දෘෂ්ටි පථය
අක්ෂුධාව
නා. ආහාර සඳහා රුචිය නැතිකම (සං.අ+ක්ෂුධා)
අක්ෂෝභ
නා.ප්‍ර. ඇතුන් බඳින ටැඹ; ඇත් කණුව. – වි. නොකැලඹුණු; අකම්පිත (සං. අක්ෂොභ)