අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 4

අක්ෂෞහිණිය

නා. අංග සම්පූර්ණ යුද්ධ සේනාව (සං. අක්‍ෂෞහිණි)

අකාර්යක්ෂම

වි. කාර්යයෙහි දක්ෂ නොවන (සං. අ + කාර්යක්ෂම)

අකාරාදි පිළිවෙල

නා. හෝඩියේ අක්ෂර යොදා ඇති අනුක්‍රමය

අකාරුණික

වි. දයා විරහිත (පා. සං. අ + කාරුණික)

අකාල මරණය

නා. බාල වියේ දී හෝ තරුණ වියේ දී හෝ මරණයට පත්වීම (පා. අකාලමරණ)

අකාල සන්ධ්‍යාව

නා. නියම කාලයට ප්‍රථම පැමිණෙන මහලු බව

අකාලික

වි. නියම කාලයෙන් බැහැර වූ; එක් කාලයකට සීමා නොවූ (පා. සං. අකාලික)

අකුටිල

වි. නොනැමුණු; ඍජු (පා. සං. අකුටිල)

අකුණ

නා. විදුලිය; හෙණය; අශනිය (පා. අක්ඛණ)

අකුධාතුව

නා. බුදුරදුන්ගේ උරයෙහි ඉදිරි පසින් හරස් අතට වූ ඇටය

අකුල

නා. බාධාව; අවුල/රිකිලි සහිත පඳුර; වන ලැහැබ (පා. සං. සංකුල)

අකුල් හෙළනවා

ක්‍රි. අවහිර කරනවා; බාධා කරනවා

අකුශල

නා. කුසල් නොවූව (සං. අකුශල පා. අකුසල)

අකුළනවා

ක්‍රි. කැටි කරනවා; ඔතනවා (සං. සඞ්කුටති)

අකෘතඥ

වි. කළගුණ නොදත් (සං. අකෘතඥ)

අඛණ්ඩ

වි. නොකැඩුණු; නොබිඳුණු (පා. සං. අඛණ්ඩ)

අඛිල

වි. සමස්ත; මුළු (පා. සං. අඛිල)

අගද

1. වි. ලෙඩ නැති (පා. සං. අගද) 2. ඉතා ගැඹුරු (සං. අගාධ)

අගදාපණය

නා. බෙහෙත් වෙළෙඳ සැල

අගමැතිනිය

නා. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන අමාත්‍යවරිය; අගමැති යන්නෙහි ස්ත්‍රීලිංග පදය

අගමුල

නා. අග හා මුල; දෙකෙළවර

අගළ

නා.ප්‍ර. දිය බැස යෑමට සෑදූ ඇළ (සං. අඛර)

අග්ගළාව

නා. කැවිලි විශේෂයක්

අග්ඝිකාව

නා. තොරණ; ඇගෑය (පා. අග්ඝිකා)