අකුළනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. දිගහැර ඇති පැදුරු ආදිය දිගැටි බෙර හැඩයට ඔතා කැටි කරනවා; කඹ ආදිය වළලු ගසනවා; ඔතනවා; වකුටු කරනවා.
2. ක්‍රි. පොත්, ඇස් පිහාටු ආදිය වහනවා.
3. ක්‍රි. වැනූ ධාන්‍යාදිය නැවත එකට එකතු කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. කැටි කරනවා; ඔතනවා (සං. සඞ්කුටති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. clasp
2. v. contract
3. vt. fold
4. vti. purse
5. vti. roll
6. v. roll up