සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 14
අකුරු හරඹය
නා. ගල් කැට විදීමේ ක්‍රීඩාව.
අකුරු හල
නා. අකුරු උගන්වන ස්ථානය; පාසැල
අකුරුමැටි
නා.ප්‍ර. ගල්කුඩුවලින් සෑදුණු මැටි වර්ගයක්
අකුල
1. නා. අවුල; අවහිරය; බාධාව.
2. නා. කුඩා ගස්වැල් ආදියෙන් ගහණ වූ ස්ථානය; ළැහැබ.
3. නා. රිකිලි ගහණ වූ අත්ත.
අකුල් හෙළනවා
ක්‍රි. අවහිර කරනවා; බාධා කරනවා; වළක්වනවා.
අකුලෙ ගහනවා
(කථා.) ක්‍රි. (මළ මිනියක්) වළ දමනවා; භූමදාන කරනවා.
අකුව
1. නා. අකු ඇටය.
2. නා. හනුව.
3. නා. කූර; උල.
අකුශල
1. වි. අදක්ෂ; අසමත්.
2. වි. කුසල් නොවූ; පාපකර.
අකුශල කර්ම පථය
නා. අපායගාමී වීමට හේතු වන පව.
අකුශල කර්මය
නා. පව; පාප ක්‍රියාව; පාප සිතිවිල්ල.
අකුශලය
නා. කුසල් නොවූව; පාපය.
අකුස
නා. හෙණ්ඩුව; අංකුසය.
අකුසල මූලය
නා. පවට මුල් වූ කාරණය; අකුශල හේතුව.
අකුස්ස
1. නා. අලි ඇතුන් මෙහෙයවන උපකරණය; හෙණ්ඩුව.
2. නා. ටික; ස්වල්පය; අල්පමාත්‍රය.
අකුළනවා
1. ක්‍රි. දිගහැර ඇති පැදුරු ආදිය දිගැටි බෙර හැඩයට ඔතා කැටි කරනවා; කඹ ආදිය වළලු ගසනවා; ඔතනවා; වකුටු කරනවා.
2. ක්‍රි. පොත්, ඇස් පිහාටු ආදිය වහනවා.
3. ක්‍රි. වැනූ ධාන්‍යාදිය නැවත එකට එකතු කරනවා.
අකෘත
වි. නොකළ; නොකරන ලද.
නා.ප්‍ර. නිර්වාණය.
අකෘතඥ
වි. කෙළෙහිගුණ නොදත්; කළගුණ නොසලකන; ගුණමකු.
අකෘතඥයා
නා. කෙළෙහිගුණ නොදත් තැනැත්තා; කළගුණ නොසලකන්නා; ගුණමකුවා.
අකෘත්‍යය
නා. වරද; නොකටයුත්ත.
අකෙව්
1. නා.ප්‍ර. වැළැකීම; ප්රතික්ෂේපය.
2. නා.ප්‍ර. ආක්ෂේප නම් කාව්‍යාලංකාරය.
අකොව
නා. ක්‍රෝධ නැති බව; අක්‍රෝධය.
අකොස
නා. නින්දා කොට බැණීම; ගර්හාව; ආක්‍රෝශය.
අකෝණික රේඛාව
(පාරිභා.) නා. කෝණ රහිත ඉර; චුම්බක විචලන නැති රේඛාව (=agonic-line).
අකෝලිතයා
(රෝ.ක.) නා. දිව්‍ය පූජා මෙහෙයෙහි දී සහාය වන්නා; පරිවාසනයා.