සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 13
අකිංකර
වි. අණට කීකරු.
අකිංචන
1. වි. තමා සතු කිසිදු වස්තුවක් නැති; දිළිඳු.
2. වි. රාගාදියෙන් හෝ විඤ්ඤාණයෙන් හෝ තොර වූ.
අකිරිය
1. වි. ක්‍රියාවෙන් තොර; සුචරිතාදිය නොකරන.
2. වි. ක්‍රියාවක් නැතැයි සලකන; කර්මය නොඅදහන.
අකිරිය වාදය
නා. කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් ක්‍රියාවකට විපාකයක් නැතැයි යන දෘෂ්ටිය; කර්මඵල විශ්වාස නොකිරීම.
අකීර්තිය
නා. අපකීර්තිය; නින්දාව; අවමානය.
අකු ඇටය
නා. උරයෙහි ඉදිරිපසින් තිරස් ව පපුවේ මැද සිට උරහිස් සන්ධි කරා විහිදී ගිය අස්ථිය.
අකුටිල
1. වි. ඇද නැති; වකුටු නොවූ; කුටිල නොවූ.
2. වි. අවංක; අකපට.
අකුණ
නා. විදුලිය; විදුලි කෙටීම; හෙණය.
අකුණ්ඨ
වි. මොට නොවූ; මුවහත් සහිත; තියුණු.
අකුණු නිවාරකය
නා. (අකුණුවලින් ඇති වන අධිවෝල්ටියතාවෙන්) විදුලි උපකරණ ආරක්ෂා කරන උපකරණය.
අකුණු පහන
නා. විදුලි කෙටීමේ දී ඇති වන ආලෝකය; අකුණු එළිය.
අකුණු පහර
නා. විදුලිය කෙටීමේ දී පොළොව කරා විහිදෙන විද්‍යුත් ප්‍රහාරය; සෙණ පහර.
අකුණු සන්නායකය
නා. (ගොඩනැගිලි නැව් ආදියට) අකුණු වැදීම වළක්වන ලෝහමය උපකරණය.
අකුතෝභය
වි. බිය වීමට හේතුවක් නැති; කොතනකින් වත් පැමිණෙන බියක් නැති.
අකුධාතුව
නා. ආදාහනයෙන් පසු ඉතිරි වූ, බුදුරජාණන් වහන්සේගේ උරයෙහි ඉදිරිපසින් හරස් ව පිහිටා තිබූ අස්ථිය.
අකුප්යය
නා. අමිශ්‍ර හෙවත් පිරිසිදු ලෝහය.
අකුර
1. නා. භාෂාවක ශබ්ද ඒකකයක් ලියා දැක්වීම සඳහා යොදා ගනු ලබන සංකේතය; හෝඩියේ හෝ වර්ණමාලාවේ සංකේතවලින් එකක්; වර්ණය.
2. නා. ඉගෙනීම; පොත්පත් හැදෑරීම.
3. නා. වාහනයක රෝද සවි වී තිබෙන හරස් යකඩය; අලවංගුව.
4. නා. පැළය; අංකුරය.
5. නා. දලුව; ළපටි රිකිල්ල.
6. නා. සිරුරෙහි හටගන්නා මස් රොද.
7. නා. ගල් කැටය; බොරලු කැටය.
අකුරට
වි. නියම කළ ලෙස; අඩුවක් නැති ව; ඉතා නිවැරදි ලෙස.
අකුරට යනවා
ක්‍රි. ඉගෙනීමට යනවා; පාසැල් යනවා.
අකුරට වැඩ කරනවා
ක්‍රි. අමතර කටයුතුවලින් වැලකී නියම වී ඇති වැඩ කොටස පමණක් කරනවා.
අකුරු කරනවා
ක්‍රි. අකුරු ඉගෙන ගන්නවා; අධ්‍යයනය කරනවා; අධ්‍යාපනය ලබනවා.
අකුරු පෝරුව
නා. අකුරු ලිවීමට භාවිත කළ ලෑල්ල; වැලිපිල්ල.
අකුරු මරනවා
ක්‍රි. අකුරු වරද්දනවා.