සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 12

අක්‍රිය මුදල්

නා.ප්‍ර. සංසරණය නොවන මුදල්; පරිහරණයට එක් නොකර තැන්පත් කර ඇති මුදල්.

අක්‍රිය වාතය

(පාරිභා.) නා. යම් ද්‍රව්‍යයක් දැවෙන විට ඊට උපකාර නොවී ඉතිරි වන වායුව; ක්‍රියාශීලී නොවන වායුව; නිෂ්ක්‍රිය වායුව.

අක්‍රිය හවුල්කරු

(පාරිභා.) නා.ප්‍ර. කළමනාකාරිත්වයට සහාය නොවන හවුල්කරුවා.

අක්‍රියතා පරිවෘත්තිය

(පාරිභා.) නා. යම්කිසි අවයවයක් හෝ ජීවියකු විවේකී ව පසු වන විට එකීඅවයවයෙහි හෝ ජීවියාගේ පැවැත්ම සඳහා අවශ්‍ය ශක්තිය (=basal metabolism).

අක්‍රියා භාරය

නා. වැරදි කටයුතුවල බරපතලකම; නොකටයුතු ක්‍රියාවල බැරෑරුම් බව.

අක්‍රියාව

1. නා. නොකිරීම; ක්‍රියාවෙන් වැළකීම.
2. නා. අයුතු ක්‍රියාව; නොකටයුත්ත; ක්‍රියාවක් නොවීම.

අකාඩය

1. නා. මල්ලවපොර පිටිය.
2. නා. අඩමානය; සැක සහිත බව.
3. නා. අනිසි වේලාව.

අකාබනික

(පාරිභා.) වි. (කාබනේට් හා සයනයිඩ් හැර) කාබන් අඩංගු නැති; ජීව සම්බන්ධයක් නැති (=inorganic).

අකාබනික රසායන විද්‍යාව

නා. කාබන් හැර ඉතිරි රසායනික මූල ද්‍රව්‍යත් ඒවායේ සංයෝගත් පිළිබඳ වූ ශාස්ත්‍රය.

අකාමකා

පූර්ව.ක්‍රි. යටපත් කොට; අමතක කොට; නොසලකා හැර.

අකාරක

වි. නොකරන.

අකාරණය

නා. හේතුවක් නැති දෙය; නොකරන; නොකටයුත්ත; අයුක්තිය.

අකාරය

නා. “අ” යන අක්ෂරය; “අ” යන්න.

අකාර්යක්ෂම

වි. කටයුත්තෙහි දක්ෂ නැති; කාර්යයෙහි අදක්ෂ.

අකාර්යය

නා. නොකළ යුතු දෙය; නොකළ යුත්ත.

අකාරාදිය

නා. “අ”කාරය ආදි කොට ඇති අකුරු අනුපිළිවෙළින් සකස් කළ වචන මාලාව; ශබ්දකෝෂය.

අකාරාන්ත

වි. “අ” කාරයෙන් කෙළවර වන.
නා.ප්‍ර. ‘අ’ කාරයෙන් අවසන් වන ශබ්දය.

අකාල

වි. නියම කාලයෙන් බැහැර වූ; නොනිසි කාලයෙහි වූ; අවාරයෙහි වූ.

අකාල මරණය

නා. නියම කාලයට පෙර සිදු වන මරණය; අකල් මරණය.

අකාලඥ

වි. සුදුසු කාලය නොදන්නා වූ.

අකාලය

නා. කාලය නොවන අවස්ථාව; අවේලාව; අනියම් කාලය.

අකාලවාදී

වි. කථා කිරීමට සුදුසු කාලය නොදන්නා වූ; නොකල්හි කථා කරන.

අකාලික

1. වි. නියම කාලයෙන් බැහැර වූ; නොනිසි කාලයෙහි වූ.
2. වි. කර්මයට අනතුරු ව විපාක දෙන; කාලය නොඉක්මවා පල දෙන.
3. වි. කාල සීමාවකට යටත් නොවූ; කාල සීමාවක් නිශ්චය කළ නොහැකි.

අකැප

වි. කැප නැති; අසාරූප්‍ය.

අකැමැත්ත

නා. කැමැති නැතිබව; අකමැතිබව.