සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 11
අක්ෂි නිමේෂය
1. නා. ඇසිපිය ගැසීම.
2. නා. ඇසිපිය ගැසීමට ගතවන කාලය; ඇසිල්ල.
අක්ෂි පක්ෂ්මය
නා. ඇස් පිහාටුව; ඇස්පිල්ල; ඇසිපිය.
අක්ෂි පටලය
1. (පාරිභා.) නා. ඇසේ පිහිටි සියුම් සිවිය (= conjunctiva).
2. නා. ඇසේ දෘෂ්ටිය ආවරණය කරන පටල රෝගය.
අක්ෂි පථය
නා. ඇසට පෙනෙන තෙක් මානය; ඇසට විෂය වූ ප්‍රදේශය.
අක්ෂි පුටය
නා. ඇසිපිය.
අක්ෂි ප්රතියෝජනය
(පාරිභා.) නා. විවිධ දුර ප්රමාණවල තිබෙන දේ පැහැදිලි ව දැක ගැනීම සඳහා නාභීය දුර අනුව හුරු කර ගැනීමට ඇසට ඇති හැකියාව (= accommodation of the eye).
අක්ෂි ප්‍රාවරය
නා. අක්ෂි ගෝලය ඇතුළත් පටලමය කෝෂය.
අක්ෂි මණ්ඩලය
නා. ඇසෙහි ගෝලයක් වැනි කොටස; ඇස් ගුළිය.
අක්ෂි ලපය
1. (පාරිභා.) නා. කලලයක පිහිටන ඇසෙහි මූලික ස්වරූපය.
2. නා. ඇතැම් ජීවීන්ගේ හා ශාකවල තිබෙන ආලෝක සංවේදී වර්ණක තිත (=eye spot).
අක්ෂි විද්‍යාව
නා. ඇස පිළිබඳ උගන්නා ශාස්ත්‍රය; දෘෂ්ටි විද්‍යාව.
අක්ෂි විෂය
නා.ප්‍ර. ඇසට හමු වන දෙය; නේත්‍රයට විෂය වූ වස්තුව; චක්ෂුපථය.
අක්ෂිකාධරය
(පාරිභා.) නා. අක්ෂිකාවක් දරා සිටින චංචල ප්‍රසරය; අක්ෂි වෘත්තය (= ommatophore).
අක්ෂිකාව
(පාරිභා.) නා. ගෝනුස්සන් වැනි ඇතැම් සතුන්ගේ සංයුක්ත ඇස සෑදී තිබෙන දෘෂ්ටි ඒකකය(=ommatidium).
අක්ෂිගත
1. වි. ඇසෙහි වූ; ඇසට අයිති.
2. වි. ඇස හමුවට පැමිණි; ප්රත්යක්ෂ.
අක්ෂිය
නා. පෙනීම ලබා දෙන ඉන්ද්රිය; ඇස; නේත්‍රය.
අක්ෂීණ
වි. නොගෙවුණු; ක්ෂීණ නොවූ; නොපිරිහුණු.
අක්ෂෞහිණිය
1. නා. එකේ ඉලක්කම සහ බින්දු 11 කින් නොහොත් 42කින් නොහොත් 43කින් සමන්විත සංඛ්‍යාව.
2. නා. අංග සම්පූර්ණ මහා යුද සේනාව; ඇතුන් 21,870ක්, අසුන් 65,510ක්, රිය 21,870ක් සහ පාබළ 109,350ක් සහිත මහා සිවුරඟ සේනාව.
අක්සනය
(පාරිභා.) නා. ස්නායු කෙළවරක පිහිටි අක්ෂයක් වැනි සිලින්ඩරාකාර ප්‍රසරය (=axon).
අක්‍රම
වි. පිළිවෙළක් නැති; ක්රමානුකූල නොවන.
අක්රමික
වි. පිළිවෙළක් නැති; ක්රමානුකූල නොවන; විධිමත් නොවූ.
අක්රමිකතාව
නා. අකටයුත්ත; නිත්‍යනුකූල නො වූ ක්‍රියාව; වංචනික හා දූෂිත කටයුත්ත.
අක්‍රිය
(පාරිභා.) වි. ක්‍රියාකාරී නොවන; ක්‍රියා විරහිත.
අක්‍රිය අංකුරය
(පාරිභා.) නා. වර්ධනය වීම හෝ වෙනස් ක්‍රියාවලි හෝ පවතින බව නොපෙන්වනඅංකුරය; සුප්ත අංකුරය (=restingbud).
අක්‍රිය දෘෂ්ටිය
(අභි.) නා. කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් හෝ කළ හැකි ක්‍රියාවක් නැතැයි යන විශ්වාසය; කර්මය නොඇදහීම; අකිරියවාදය.
අක්‍රිය බීජාණුව
(පාරිභා.) නා. ප්රරෝහණයට පෙර සාමාන්‍යයෙන් සෑහෙන කලක් නිසසල ව පවතින ඉඩෝරය හෝ අනික් අහිතකර තත්ත්වයක් හෝදැරිය හැකි ඝන බිත්ති සහිත බීජාණුව(=resting spore).