සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 15
අකෝවිද
වි. නූගත්; අදක්ෂ.
අකෞශල්යය
නා. කුශලතාවෙන් තොරබව.
අඛණ්ඩ
වි. නොකැඩුණු; නොබිඳුණු; අවිච්ජින්න.
අඛණ්ඩ ශීලය
නා. සිල් පදයක් නොකැඩුණු, පිරිසිදු ලෙස රක්ෂා කළ ශීලය
අඛිල
වි. මුළු; සියලු; සමස්ත.
අග
1. වි. උතුම්; ශ්රේෂ්ඨ; උත්කෘෂ්ට; ප්රමුඛ; අග්ර.
2. වි. අවසාන; කෙළවර; පර්යන්ත.
3. නා.ප්ර. මුදුන; සිරස; මස්තකය; ශීර්ෂය.
4. නා.ප්ර. ගින්න; වහ්නිය; අනල.
5. නා.ප්ර. දුක; ගැහැට.
6. නා.ප්ර. සර්පයා.
7. නා.ප්ර. ගෙය; නිවස; කුටිය.
8. නා.ප්ර. මිල; වටිනාකම; තක්සේරුව.
9. නා.ප්ර. අහස; ගුවන.
10. නා.ප්ර. කන්ද, ගිර, පර්වතය.
11. නා.ප්ර. ගස; රුක; වෘක්ෂය.
12. නා.ප්ර. සූර්යයා.
13. නා.ප්ර. නිවන.
අග උවටා
නා. ප්රධාන උපස්ථායකයා; බුදුරජාණන් වහන්සේගේ අග්ර උපස්ථායකයා; අක් උවටා.
අග තනතුර
නා. සමූහයක් අතුරෙන් මුල්තැන; අග්රස්ථානය; ශ්රේෂ්ඨ ධුරය.
අග දන
නා. පළමු අස්වැන්නෙන් දෙන දානය; අග්ර දානය; අග්ර දක්ෂිණාව.
අග දල
නා. ගිනිදලුව; ගිනිදැල්ල; අග්නිජාලාව.
අග දෙවියා
නා. දෙවියන් අතර ප්රධානයා; සක්දෙවිඳු.
අග දේවිය
නා. අග බිසව; අග මෙහෙසිය
අග දොර
නා. පළමු දොර; ප්රධාන දොරටුව.
අග නරනා
නා. අගරජ; අගනිරිඳු; අග්රරාජයා.
අග නුවර
නා. රටක පාලන මූලස්ථානය පිහිටි නගරය; ප්රධාන නගරය.
අග පලය
නා. උත්තම ඵලය; අග්ර ඵලය; අර්හත් ඵලය.
අග පුඟුල්
නා.ප්ර. ගුණ නුවණින් උත්තම පුද්ගලයා; ශ්රේෂ්ඨ පුද්ගලයා; බුදුරජාණන් වහන්සේ.
අග බත
නා. අස්වැන්නෙන් පළමු ව දේව ආදින් වෙත පූජා කරන බත; අග්ර දක්ෂිණාව.
අග බමුණා
නා. නායක බමුණා; අග්ර බ්රාහ්මණයා; පුරෝහිත බමුණා.
අග බිම
නා. ශ්රේෂ්ඨ භූමිය; අග්ර භූමිය; නිර්වාණය.
අග බිසව
නා. රජකුගේ අග මෙහෙසිය; අභිෂේක ලත් ප්රධාන දේවිය.
අග මග
නා. ශ්රේෂ්ඨ මාර්ගය; රහත් මඟ; අර්හත් මාර්ගය.
අග මැණ
නා. උතුම් මැණික; අග්ර මාණික්යය.
අග මෙහෙසිය
නා. අගබිසව.
අග රජ
නා.ප්ර. අග්ර රාජයා; මහා රාජයා; අධිරාජයා.