සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 16
අග රජය
නා. ප්‍රධාන රාජ්‍යය; අධිරාජ්‍යය.
අග රස
නා.ප්‍ර. අග්‍ර රසය; ප්‍රණීත සූප ව්‍යඤ්ජන ආදිය.
අග රුවන
නා. උතුම් මැණික; අග්‍ර මාණික්‍යය; සිළුමිණ.
අග වර
නා. ගින්නෙහි ලා තැවීම; ගිනියම් කිරීම; ගිනි කැවීම.
අග වරුව
1. නා. වී හුළං කිරීමේ දී හොඳ වී රාශිය අගට තැන්පත් වන බොල් වී කොටස; අක්වරුව.
2. නා. දවසේ අග භාගය; සවස් වරුව.
අග සස්
නා.ප්‍ර. ගොවිතැනින් ලබන පළමු අස්වැන්න; අග්‍ර සස්‍යය.
අගඩි මගඩි
(කථා.) නා.ප්‍ර. තක්කඩිකම; වංචනික වැඩ; ප්‍රයෝගය.
අගණනීය
වි. ගණන් ගත නොහැකි; ගිණිය නොහැකි.
අගණිත
වි. ගණන් නැති; අනන්ත; අප්‍රමාණ.
අගත
1. වි. අධිගමය නොකළ; වටහා ගත නොහැකි.
2. වි. ආවා වූ; පැමිණි; ආගත.
නා. කුඹුරු යායක අග කොටස; අගාවත.
අගත පූර්ව
වි. ප්‍රතිවේධ නොකළ; පෙර නොපැමිණි.
අගතිත
(පාරිභා.) නා. උතුම් වූ ත්‍රිත්වය; ත්‍රිමූර්තිය
අගතිය
1. නා. යුක්තියට පිටු පා ක්‍රියා කිරීම; අයුක්තියෙහි ගමන් කිරීම.
2. නා. ප්‍රගතියට විරුද්ධ ස්ථානය; දුගතිය.
අගද
නා. ඉතා ගැඹුරු; පතුල දැකිය නොහැකි; අගාධ.
1. නා.ප්‍ර. බෙහෙත; ඖෂධය.
2. නා.ප්‍ර. මුදල්.
අගදය
නා. බෙහෙත; ඖෂධය.
අගද්යතාව
(පාරිභා.) නා. බුද්ධි හීනතාව නිසා කථා කර ගත නොහැකි වීමේ ආබාධය (=adogia).
අගන
වි. වටිනා; මහඟු; අනර්ඝ.
අගමඟ නුවණ
නා. අර්හත් මාර්ග ඥානය.
අගමල
නා. සතුන් බැඳීමට අටවන මද්ද; මල පුඩුව; උගුල.
අගම්
වි. ග්‍රාම්‍ය නොවූ; ශිෂ්ට.
1. නා.ප්‍ර. ශිෂ්ට බව; අග්රාම්යතාව.
2. නා.ප්‍ර. (ශ්‍රද්ධා භක්තියෙන් ඇති කර ගත්) විශ්වාසය; ඇදහිලි ක්‍රමය; ආගම.
3. (ව්‍යාක.) නා.ප්‍ර. අකුරක් අමුතුවෙන් පැමිණීම; අක්ෂරාගමය.
4. නා.ප්‍ර. පාළු වූ ගම්; විනාශ වූ ගම්; ජනශුන්‍ය ග්‍රාම.
අගම් සඳ
(ව්‍යාක.) නා. පද දෙකක් මධ්‍යයෙහි ආගන්තුක අකුරක් පැමිණීමෙන් සෑදෙන සන්ධිය; ආගම් සන්ධිය.
අගම්පඩි
1. නා.ප්‍ර. ලංකාවේ මධ්‍යකාලීන සමයෙහි වේතනයට හේවාකම් කළ විදේශික භට හමුදාව.
2. නා.ප්‍ර. මෙහෙකරුවන්ට වැටුප් වෙනුවට දෙන වී.
අගම්මැටි
(පාරිභා.) නා.ප්‍ර. ජලය, අයිස් හෝ සුළඟ කරණ කොට ගෙන එක් තැනකින් තවත් තැනකට ගෙන යෑමෙන් තැන්පත් වූ මැටි; ඇළ දොළ ආදියෙහි රාශිභූත වූ මැටි (= secondary clay).