අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 2
අංගුලිකා
නා.ප්‍ර. ඇඟිල්ල; කුඩා ඇඟිල්ල; සුළැඟිල්ල (පා. සං. අඞ්ගුලිකා)
අංගුලිමාල
නා.ප්‍ර. බුදුන් කල සැහැසි ව සිට පසු ව පැවිදි ව රහත් වූ තෙරුන් වහන්සේ කෙනෙකුන්ගේ නාමය (පා. අඞ්ගුලිමාල)
අංගුෂ්ඨ
නා.ප්‍ර. මහපට ඇඟිල්ල (සං. අඞ්ගුෂ්ඨ)
අංගොපාංග
නා.ප්‍ර. ප්‍රධාන හා අප්‍රධාන අංග හෙවත් අවයව
අංජන
නා.ප්‍ර. ඇසෙහි ගල්වන රසායනය (පා. සං. අඤ්ජන)
අංජන වර්ණය
නා. අඳුන් පැහැය; කාළ වර්ණය
අංජනම් එළිය
නා. පේන බැලීමේ ක්‍රමයක්; ජීවම් කළ අඳුන මතට වැටෙන පහන් සිළුවේ පිළිබිඹුව බලා පේන කීම
අංජලි
නා.ප්‍ර. ඇඟිලි එකතු වන සේ අභිවාදනය පිණිස නැඟූ දෑත (පා. සං. අඤ්ජලි)
අංජලිකරණය
නා. ඇඳිලි බැඳීම; දොහොත් මුදුන් දී නමස්කාර කිරීම (පා. සං. අඤ්ජලිකරණ)
අංශකය
නා. භාගය; කොටස; වෘත්තයකින් 1/360 කොටස/කෝණ මැනීමේ ඒකකය (සං. අඞ්ශක)
අංශභාගය
නා. අංශයක් පණ නැති වීමේ රෝගය
අංශය
නා. භාගය; පංගුව/දිශාව (සං. අංශ)
අංශුමාත්‍රය
නා. ඉතා ස්වල්පය (සං. අංශුමාත්ර)
අංශුව
නා. ඉතා කුඩා කොටස; ස්වල්පය/රශ්මිය (සං. අංශු)
අංසකඩය
නා. භික්ෂූන් විසින් චීවරයට යටින් උඩුකය වැසෙන පරිදි අඳිනු ලබන ඇඳුම් විශේෂය
අංසඵලකය
නා. උරපත්ත; උරපතු ඇටය (පා. සං. අංසඵලක)
අංසබාගය
නා. අංශභාගය
අංසය
නා. උරහිස; දසරුව (පා. අංස සං. අංශ, අංස)
අකට විකට
නා.ප්‍ර. විහිළු තහළු; උසුළු විසුළු
අකණ
1. නා.ප්‍ර. නුසුදුසු කාලය; පින් නොකළ හැකි කාලය (පා. අක්ඛණ සං. අක්ෂණ) 2. අකුණු පහර; විදුලිය (පා. අක්ඛණ)
අකනිටා
නා.ප්‍ර. බඹලොවක නාමය (පා. අකනිට්ඨ)
අකර්මණ්‍ය
වි. ක්‍රියාකාරී නොවන (සං. අකර්මණ්‍ය)
අකලංක
වි. නිර්මල; නිකැලැල් (පා. සං. අකලඞ්ක)
අක්කණ්ඩි
නා.ප්‍ර. වැඩිමහල් සහෝදරිය