අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 1
අංකනය
නා. ඉලක්කම්වලින් සංඛ්‍යාව දැක්වීම (සං. අඞ්කන)
අංකිත
වි. ලකුණු කළ; සටහන් කළ/ඉලක්කම් යෙදූ; අංකයෙන් දැක්වූ (පා. සං. අඞ්කිත)
අංකුරය
නා. ශාකයක නොවැඩුණු අවස්ථාව; ළපටි පැළය (පා. සං. අඞ්කුර)
අංකුලාව
නා. තෙල් බෙහෙත් ආදිය දැමීමට අඟින් කළ භාජන විශේෂයක්
අංකුශය
නා. අලි ඇතුන් හසුරුවන තියුණු උලක් සහිත කොක්ක; හෙණ්ඩුව (සං. අඞ්කුශ පා. අඞ්කුස)
අංකෙළිය
නා. පත්තිනි දේවියගේ නමින් පවත්වන ජන ක්‍රීඩා විශේෂය
අංගචලනය
නා. අත් පා සැලීම; ශරීරාවයව සෙලවීම
අංගච්ඡේදනය
නා. අත්, පා, කන්, නාසාදිය කැපීම (සං. අඞ්ගච්ඡෙදන)
අංගණය
නා. මිදුල; මළුව (පා. සං. අඞ්ගණ)
අංගදාභරණය
නා. අතෙහි උපරි භාගයෙහි හෙවත් බාහුවෙහි පලඳින වළල්ල; අඟුපලඳනාව (සං. අඞ්ගද+ආභරණ)
අංගනාව
නා. කාන්තාව (පා. සං. අඞ්ගනා)
අංගප්‍රත්‍යංග
නා. ලොකු, කුඩා අවයව, (සං. අඞ්ග+ප්‍රත්‍යඞ්ග)
අංගපුලාව
නා. යහපත් පැවැත්ම; මනා ව පිහිටි අවයව ඇති බව
අංගරාගය
නා. ඇඟ පැහැපත් කරන සුවඳවත් ආලේපය; සඳුන් කොකුම් ආදි ඇඟ ගල්වන සුවඳ කල්කය (පා. සං. අඞ්ගරාග)
අංගලක්ෂණ
නා.බහු. සිරුරෙහි ලකුණු දේහලක්ෂණ (සං. අඞ්ගලක්ෂණ)
අංගවිකල
වි. ශරීර අවයව නිසි පරිදි නොපිහිටි; අංගවිකෘති
අංගවිකෘති
වි. අත් පා ආදි අවයව විකල වූ, අංගවිකල
අංගසාම්‍යය
නා. අංග සමබව; සියලු අතින් සමාන වීම
අංගාණිය
නා. කඩවීදිය; වෙළඳ පොළ (දෙ. அங்காடி)
අංගාරකරණය
නා. ද්‍රව්‍යයක් අඟුරු කාබන් හෝ කෝක් බවට පත් කිරීම/පිටපත් කිරීම සඳහා කඩදාසියක කාබන් ආලේප කිරීම
අංගාරක්ෂකයා
නා. පෞද්ගලික ආරක්ෂාව සලසන්නා
අංගාරිකාම්ලය
නා. මිනිරන් ආදි පතල්වල හමුවන විෂ වායුව; කාබන්ඩයොක්සයිඩ්
අංගීකරණය
නා. එකඟ වීම; කැමති වීම; අනුමත කිරීම/නෘත්‍යයේ දී බැලීමෙන් හෝ අඟපසඟ සෙලවීමෙන් හෝ හෘද්ගත භාව දැක්වීම (සං. අඞ්ගීකරණ)
අංගීරස
වි. ශරීරයෙන් රශ්මිය විහිදෙන නා.ප්‍ර. බුදුරදුන්ට ව්‍යවහාර වන නාමයක් (පා. අඞ්ගීරස)