අට මඟල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මංගල සම්මත වස්තු අට; සිංහයා, වෘෂභයා, හස්තියා, පූර්ණ ඝටය, වල්විදුනාව, ධ්වජය, ශංඛය, ප්රදීපය යන අට; ඒ මංගල ලකුණු යෙදූ කොන් අටකින් යුත් රේඛා සටහන.
2. නා. බලිතොවිල් වල දී ආතුරයා ළඟ තැබීමට ගන්නා තොලබෝ, හීරැස්ස, සහල්පත, පොල්ගෙඩිය, දිවිහිස හෝ දිවිකදුරු ලීය, කැත්ත, මල්ල, මෝල්ගහ යන ද්රව්ය අට.
3. (රූඪි.) නා. පිළිවෙළකට නැතිව සෑදූ මඩුවක් හෝ එවැනි යම් ඉදිකිරීමක්.