අඩකුඹු කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. රාජ්‍යනායක අභාව ආදි අවස්ථාවලදී ශෝකය ප්‍රකාශ කිරීම පිණිස ජාතික කොඩිය අර්ධ වශයෙන් ඔසවා තබනවා; කුඹ ගසේ ඉහළට නොඔසවා එහි අඩක් උසින් ඔසවා තබනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. ශෝකය ප්‍රකාශ කිරීම පිණිස ජාතික කොඩිය කුඹගසේ මැද හරියට පහත් කර තබනවා.