අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 7
අටසැටලෙණ
නා. මිහින්තලා පව්වේ ඇති 68 ක් වූ ලෙන්
අටළොස
නා. දහඅට (පා. අට්ඨාරස සං. අෂ්ටාදශ)
අට්ටාලය
නා. අටල්ල (පා. සං. අට්ටාල)
අට්ඨකථාව
නා. අටුවාව (පා. අට්ඨකථා)
අට්ඨාරස
නා.ප්‍ර. අටළොස; දහඅට (පා. අට්ඨාරස)
අට්ඨි කල්‍යාණය
නා. ස්ත්රීන්ගේ ප්‍රභාසම්පන්න වූ දන්ත පන්තිය (පා. අට්ඨිකල්‍යාණ)
අටානූරෝග
නා.ප්‍ර. අනූ අටක් වූ රෝග
අටෝරාසිය
නා. අටකින් වැඩි සියය; එකසිය අට (පා. අට්ඨුත්තරසත සං. අෂ්ටොත්තරශත)
අඩංගු
වි. ඇතළත්; අන්තර්ගත (දෙ. அடங்கு)
අඩකුඹ කරනවා
ක්‍රි. ශෝකය ප්‍රකාශ කිරීම පිණිස ජාතික කොඩිය කුඹගසේ මැද හරියට පහත් කර තබනවා.
අඩකුලුඳුල
නා. පුරාණයේ වියළි ද්‍රව්‍ය හෝ ද්‍රව හෝ මැනීමට යොදාගත් මිම්මක්
අඩකෙළ
නා. කෝටි භාගය; පනස්ලක්ෂය (පා. අඩ්ඪකොටි)
අඩදඹු
වි. බාගෙට පිලිස්සුණු
අඩදැණි
වි. අඩක් දණ ගැසූ; එක් දණක් බිම එබූ (පා. අඩ්ඪජානුක සං. අර්ධජානුක)
අඩපණ
වි. දුර්වල; ශක්ති හීන
අඩමාන
වි. අනුමාන; සැක සහිත (දෙ. அடைமானம் මල. අඩමානම්)
අඩයාළම
නා. සිරුරේ තබන සලකුණ; හංවඩුව (මල. අඩයාළම් දෙ. அடையாளம்) - ලාංඡනය; චිහ්නය
අඩසඳ කපාටය
නා. ධමනි කේතුකය තුළ අඩ සඳක ආකාරයෙන් පිහිටා ඇති කපාටය
අඩළය
නා. භාගය; බෑය
අඩාළ
වි. අවසාන නොවූ; අසම්පූර්ණ
අඩිතාලම
නා. අත්තිවාරම; මුල් පියවර (දෙ. அடித்தலம்)
අඩුලුහුඬු
වි. මදිපාඩු; අසම්පූර්ණ
අණ
1. නා.ප්‍ර. මුහුද; සාගරය (සං. අර්ණව පා.ප්‍ර. අණ්ණව) 2. ආඥාව; නියෝගය (සං. ආඥා, ප්‍රා. පා. ආණා)