අධිමුත්තිකකාලකිරියා

adhimuttikakālakiriyā

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. බොධිසත්වවරයන්ට පමණක් සාධාරණ කළුරිය කිරීම මෙයින් හඟවයි. බොහෝ ආයු ඇති දෙව් ලොවක උපන් බුදුවන බෝසත්වරයෙකු බොහෝ කලක් දිව සැප විදීම සත්ත්වයන්ට හිත පිණිස වැඩ කිරීමට බාධකයයි කල්පනා කොට එයින් චුතවනු කැමතිව තම දෙව් විමනට පිවිස දිව යහන්හි සැතපී මෙයින් මතු මාගේ මේ දෙව්ලොව ජීවිතය නොපවතීවයි අදිටන් කොට ඇස වසා ගැනීමත් සමගම වන කාලක්‍රියාවට - කළුරිය කිරීමට අධිමුත්තික කාලකිරියා යයි කියනු ලැබේ. මේ විශේෂ කාලක්‍රියාව සර්‍වඥ බොධිසත්ත්වයන්ට පමණක්ම සිදුවන හෙයින් අනික් පසේ බුදුවරයන් වහන්සේලාට සාධාරණ නොවන බවත් දේශනාවෙන් පෙණේ. මේ නිසා මේ අධිමුත්තික කාලකිරියාව සර්‍වඥ බොධිසත්වවරයන්ට පමණක් සීමිතයි. (පි. 51)