සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 51
අධිප්පෙත
ති. අදහස් කරන ලද. (පි. 51)
අධිපාත
පු. කැඩීම, වැටීම, හෙලීම. (පි. 50)
අධිපාතෙති
ක්‍රි. (අධි+පත √ භු. ගමනෙ=යාමෙහි +ණෙ+ති) හෙළයි, කඩයි. (පි. 50)
අධිබ්රහ්ම
පු. ප්රධානබ්රහ්මයා, මහබඹා. (පි. 51)
අධිබාධෙති
ක්‍රි. (අධි+බාධ √ චු. බාධායං=පෙළීමෙහි +ණෙ+ති) බාධා කෙරෙයි, පෙළයි. (පි. 51)
අධිභවති
ක්‍රි. (අධි+භූ √ භු. සත්තායං=වීමෙහි, උ ඔ=අව+ති) අභිභවනය කරයි, මැඩපවත්වයි, ප්‍රධාන වෙයි. (පි. 51)
අධිභවන
න. අභිභවනය, මැඩපැවැත්වීම. (පි. 51)
අධිභාසති
ක්‍රි. (අධි+භාස √ භු. වාචායං=කීමෙහි +ති) කියයි, මනාකොට ප්‍රකාශ කරයි. (පි. 51)
අධිභු
පු. ඉසුරුඇත්තා, ප්‍රධානයා. (පි. 51)
අධිභූත
ති. අධිපතිබවට පැමිණි. (පි. 51)
අධිභොසි
ක්‍රි. (අධි+භූ √ භු. සත්තායං=වීමෙහි, ඌ=ඔ+ඊ) අභිභවනය කෙළේය. සි-අභිභවනය කෙරෙහි. (පි. 51)
අධිමත්ත
ති. අධික, බොහෝ, පමණ ඉක්ම ගිය. (පි. 51)
අධිමත්තොහා
ඉ. අධික උත්සාහය. (පි. 51)
අධිමන
න. අධිචිත්තය. (පි. 51)
අධිමාන
පු. අධිකමාන්නය, මාර්ගඵලයන්ට නොපැමිණ ද විදර්ශනොපක්ලේශයන් නිසා රැවටී මාර්ගඵලයන්ට පැමිණියෙමියි සිතා ගැනීම. (පි. 51)
අධිමානික
ති. (අධි+මාන+ඉක) අධිමානය ඇති. (පි. 51)
අධිමාස
ති. අධිකවූ මාසය, සමහර අවුරුදු වලදී පසළොස්වක් පොහොය දෙකක් වෙති, එසේ වූ විට අධිමාසයයි කියති. අධික අවුරුද්ද අවුරුදු 4 කට වරක් එයි. අධි එති ගච්ඡතීති අධිකො, අධිකො මාසො අධිමාසො. (පි. 51)
අධිමුච්චති
ක්‍රි. (අධි+මුච √ දි. මොචනෙ=මිදීමෙහි +ති) මිදෙයි. නිශ්චය කෙරෙයි. (පි. 51)
අධිමුච්චන
න. මිදීම, බන්ධනයෙන් මිදීම. නිශ්චය කිරීම. (පි. 51)
අධිමුච්චිත
ති. නිශ්චය කරන ලද, ඉටනලද. (පි. 51)
අධිමුච්ඡිත
ති. මූර්ච්ඡා වූ, අධිගෘහීත වූ. (පි. 51)
අධිමුත්ත
ති. මිදුනු, බන්ධනමොචනය කළ. නිශ්චය කළ. (පි. 51)
අධිමුත්ති
ඉ. ඉගැනීම, ප්‍රාර්ථනාව, අභිප්‍රාය, ඡන්දය, ඊට නැමුනු බව, නිශ්චය. (පි. 51)
අධිමුත්තිකකාලකිරියා
ඉ. බොධිසත්වවරයන්ට පමණක් සාධාරණ කළුරිය කිරීම මෙයින් හඟවයි. බොහෝ ආයු ඇති දෙව් ලොවක උපන් බුදුවන බෝසත්වරයෙකු බොහෝ කලක් දිව සැප විදීම සත්ත්වයන්ට හිත පිණිස වැඩ කිරීමට බාධකයයි කල්පනා කොට එයින් චුතවනු කැමතිව තම දෙව් විමනට පිවිස දිව යහන්හි සැතපී මෙයින් මතු මාගේ මේ දෙව්ලොව ජීවිතය නොපවතීවයි අදිටන් කොට ඇස වසා ගැනීමත් සමගම වන කාලක්‍රියාවට - කළුරිය කිරීමට අධිමුත්තික කාලකිරියා යයි කියනු ලැබේ. මේ විශේෂ කාලක්‍රියාව සර්වඥ බොධිසත්ත්වයන්ට පමණක්ම සිදුවන හෙයින් අනික් පසේ බුදුවරයන් වහන්සේලාට සාධාරණ නොවන බවත් දේශනාවෙන් පෙණේ. මේ නිසා මේ අධිමුත්තික කාලකිරියාව සර්වඥ බොධිසත්වවරයන්ට පමණක් සීමිතයි. (පි. 51)