සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 50

අධිචිත්ත

න. උත්තම චිත්තය, භාවනාසිත, විදර්‍ශනාපාදක අෂ්ට සමාපත්ති සිත, මාර්‍ගඵලසම්ප්‍රයුක්ත සිත. (පි. 50)

අධිචෙත

න. උසස්සිත, අර්‍හත්ඵල චිත්තය. (පි. 50)

අධිජෙගුච්ඡ

ති. ඉතාපිළිකුල්, ඉතාකැත. (පි. 50)

අධිට්ඨක

පු. ඉටාගන්නා තැනැත්තා. (පි. 50)

අධිට්ඨාති

ක්‍රි. අධි+ ඨා. √ භු. ගතිනිවුත්තියං=ගමන්නැවැත්මෙහි +ති) ඉටාගනී. (පි. 50)

අධිට්ඨාන

න. ඉටාගැන්ම, ස්ථිරව සිතාගැන්ම, ආධාරය, සිටීම. (පි. 50)

අධිට්ඨානාහාර

පු. සූත්‍රාගත දුක්ඛ, සමුදය, ජාති, ජරා, කාමතණ්හා, භවතණ්හාදී ධර්‍මයන්ගේ අවිකල්පන සංඛ්‍යාත විශේෂයෙන් විකල්පනය නොකොට දැක්වීම අධිට්ඨානාහාර නමි. (පි. 50)

අධිට්ඨායක

පු. අධිෂ්ඨාන කරන්නා, අධ්‍යක්ෂයා. (පි. 50)

අධිට්ඨිත

ති. ඉටාගත්, අධිෂ්ඨාන කළ. (පි. 50)

අධිට්ඨිති

ඉ. ඉටීම, අධිෂ්ඨාන කරගැන්ම. (පි. 50)

අධිදෙව

පු. දෙවාතිදෙවයන්වහන්සේ, දෙවියන්ගේ දෙවියා, බුදුරජ. (පි. 50)

අධිප(ක)

පු. අධිපති, නායක, ප්‍රධාන වූ, ඉසුරු ඇති. (පි. 50)

අධිපජ්ජති

ක්‍රි. (අධි = පද. √ දි. ගතියං=යාමෙහි +ය (ධාත්වන්තය සහිත ‘ය’ හට ‘ජා’ ආදේශ හා ද්විත්වයි.)=ජ්ජ+ති පැමිණෙයි. (පි. 50)

අධිපඤ්ඤා

ඉ. උත්තමප්‍රඥාව, තිලකුණුආකාර පිරිසිඳීම ඇති විදර්‍ශනා ප්‍රඥාව, මාර්‍ගඵල සම්ප්‍රයුක්තප්‍රඥාව. (පි. 50)

අධිපඤ්ඤාසික්ඛා

ඉ. උත්තමප්‍රඥාව පිළිබඳ ශික්ෂාව, අභිධර්‍මපිටකය. (පි. 50)

අධිපත

පු. හෙලීම, වැටීම. (පි. 50)

අධිපතති

ක්‍රි. (අධි+පත. √ භු. ගමනෙ=යාමෙහි +ති) හෙයි, වැටෙයි. (පි. 50)

අධිපතන

න. වැටීම, පහත්වීම, පාතට වැටීම. (පි. 50)

අධිපත්ථිත

ති. අධිකව ප්‍රාර්ථනා කළ, නිතර පැතූ. (පි. 50)

අධිපති

පු. අධිපති, නායක, ප්‍රධාන වූ, ඉසුරු ඇති. (පි. 50)

අධිපතිකා

ඉ. මදුරුවා. (පි. 50)

අධිපන්න

පු. සම්ප්‍රාප්ත, පැමිණි, යටත් කළ. (පි. 50)

අධිප්පාය

පු. අභිප්‍රාය, අදහස. (පි. 50)

අධිප්පායත්ථ

පු. ව්‍යාකරණ සූත්‍රයන්හි දැක්වෙන ප්‍රධාන අර්ථය පමණක් නොගෙන වෘත්තිකාරකයන් විසින් අදහස් කරන ලද අර්ථය. (පි. 51)