සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 49
අධිකාර
පු. අධිකක්රියාව, අධ්යක්ෂම, කළ මනාකාරකම, අධික කොට කිරීම, පරිත්යාගය, ප්රාර්ථනාව.
පු. න. ධුරය, තනතුර, ව්යාකරණයෙහි සවැදෑරුම් සූත්රයන් අතුරෙන් එක් සුතුරක් හා අනික් සුතුරක් හෝ පදයක් සම්බන්ධ කිරීම. (පි. 49)
අධිකාරික
පු. අධ්යක්ෂයා, ඒ ඒ කටයුත්තෙහි ප්රධානයා. (පි. 49)
අධිකාරී
පු. අධ්යක්ෂයා, ඒ ඒ කටයුත්තෙහි ප්රධානයා. (පි. 49)
අධිකිච්ච
ති. (කර+රිච්ච) අරභයා, උදෙසා. (පි. 49)
අධිකුට්ටන
න. කෙටීම. දන්ගෙඩිය. මස් ලොඹුව, මස් කපන කොළොම්බුව. (පි. 49)
අධිකුසල
න. ශ්රේෂ්ඨකුශලය. සමථවිපස්සනා අධිකුසලතාව. (පි. 49)
අධිකොට්ටන
න. කෙටීම. මස්ලොඹුව, දන්ගෙඩිය. (පි. 49)
අධිකොට්ටිත
ති. කෙටූ, කොටනලද. මස් කරන ලද. (පි. 49)
අධිකොධිත
ති. ඉතා කුපිත කළ, අධිකලෙස කොප කළ. (පි. 49)
අධිගච්ඡති
ක්රි. (අධි+ගමු √ භු. ගතිම්හි - යාමෙහි (ධාත්වන්තයට ‘ච්ඡ’ ආදේශය+ති) පැමිණෙයි, ලබයි. (පි. 50)
අධිගණ්හාති
ක්රි. (අධි+ගහ √ කි. උපාදානෙ ගැනීමෙහි +ණ්හා+ති) පිළිගනියි, අධිගෘහිත වෙයි. (පි. 50)
අධිගත
න. පැමිණීම පු. ආර්ය්යයා. ති. ලොකොත්තරධර්මාධිගමය කළ, පැමිණෙන ලද, ප්රතිවේධ කළ. (පි. 50)
අධිගම
පු. අවබෝධය, මාර්ගඵලාවබෝධය ඤාණය, පිළිගැනීම. (පි. 50)
අධිගමන්තරධාන
න. අධිගම නම් වූ සතර මගය සතරපලය සිවු පිළිසිඹියාය ෂඩභිඥාය ත්රිවිද්යාය යන මොවුන්ගේ අතුරුදන් වීම. අධිගමය විනාශ වීම. (පි. 50)
අධිගමෙති
ක්රි. (අධි+ගමු √ භු. +ණෙ+ති) ලබවයි. පමුණුවයි. (පි. 50)
අධිග්ගහ
පු. අධිපති වීම, ප්රධාන වීම, අධිගෘහීත වීම. (පි. 50)
අධිග්ගහිත
ති. (අධි+ගහ-ත) අධිගෘහීත වූ, ආවිෂ්ටවූ, අධිපති භාවයට පැමිණි. (පි. 50)
අධිච්ච
අ. නිසා ඉගෙන. (පි. 50)
අධිච්චකා
ඉ. පර්වතමුදුන, පර්වතශිඛරය. (පි. 50)
අධිච්චසමුප්පත්ති
ඉ. හේතුආදියක් නොමැතිව නිකරුණේ හටගැනීම, ඉබේම ඉපදීම. (පි. 50)
අධිච්චසමුප්පන්න
ති. (අධිච්ච+සං+උප්පන්න) නිකරුණේ උපන්, පු. හේතුප්රත්යය රහිතව තමාද ලෝකයද උපන්නේය යන වාදය. (පි. 50)
අධිච්චාපත්තික
පු. කලින්කට ඇවතට පැමිණෙන භික්ෂුව, “අධිච්චාපත්තිකොති යො කදාවි කදාව ආපත්තිං ආපජ්ජති.” (පි. 50)
අධිචිච්චසික්ඛා
ඉ. අධිචිත්තය පිළිබඳ ඉගැන්වීම, සූත්රපිටකය. (පි. 50)
අධිචිණ්ණ
ති. පුරුදු කළ. රැස්කළ. (පි. 50)