සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 48

අදෙය්‍ය

ති. (අ=න+දා+ණ්‍ය) නොදියයුතු, දෙන්නට නොවටින. (පි. 49)

අධම

ති. නින්දිත. නීච. පහත්. අසම්පූර්‍ණ. (පි. 49)

අධමණ්ණ

පු. ණය ගත් අය, ණය ගැතිය. (පි. 49)

අධම්ම

පු. න. අධර්මය, පාපය, ධර්‍මනොවන පදාර්ථය. (පි. 49)

අධම්මකම්ම

න. අධර්‍මකර්මය, ධර්මයට විරුද්ධ කර්මය. (පි. 49)

අධම්මචරියා

ඉ. අධර්‍මයෙහි හැසිරීම, ධර්මයට විරුද්ධ හැසිරීම. (පි. 49)

අධම්මරාග

පු. අධර්‍මරාගය, අයුතුරාගය, අන්සතුදෙයෙහි ආලය ඉපදවීම. (පි. 49)

අධම්මවාදි

ති. අධර්‍මවාදි, අධර්මය කියනසුලු. (පි. 49)

අධම්මික

ති. අධාර්මික අන්දමින් යුත්. (පි. 49)

අධමිණ

පු. අනුන්ට ණයගැති වන්නා. (පි. 49)

අධර

ති. යට, නීච, පහත්.
පු. දන්තාවරණය, ඕෂ්ඨය, තොල. (පි. 49)

අධ්‍යත්ථ

න. විශේෂණය හේතු කොටගෙන විශේෂ්‍යයාගේ අර්ථය අධික වීම. (පි. 48)

අධි

අ. අධික, ප්‍රධාන, අධ්‍යයන, අධිෂ්ඨාන, ප්‍රාප්ති, නිශ්චය, උපරිභාව, අභිභවන, යන අර්ථයන්හි. (පි. 49)

අධික

ති. වැඩි, ඉතා, බොහෝ. (පි. 49)

අධිකත

පු. අධිකාරම, සතිස්වැදෑරුම් කර්‍මයෙහි නියුක්තයා, ති. අධිකාර කරනලද, සම්බන්ධ කරනලද. (පි. 49)

අධිකතර

ති. ඉතා වැඩි, ඉතා බොහෝ. (පි. 49)

අධිකත්ථවචන

න. නින්දා ප්‍රශංසා පිණිස වැඩිය ආරොපනය කරනලද වචන. (පි. 49)

අධිකතාපරවචන

පු. ප්‍රස්තුත සම්මුඛයා හැර අනිකෙකු කීම සම්බන්ධ වචන. (පි. 49)

අධිකරණ

න. ආධාරය. හේතුව, විනිශ්චය, නඩුව, විවාදාධිකරණ, අනුවාදාධිකරණ, ආපත්තාධිකරණ, කිච්චාධිකරණ යන සතර. “යං අධිකිච්ච සමථා වත්තන්ති තං අධිකරණන්ති වෙදිතබ්බං. (පි. 49)

අධිකරණකාරක

ති. නඩුකියන, න. සත්වන ආධාරකාරකය. (පි. 49)

අධිකරණසමථ

පු. අධිකරණ(=නඩු) සන්සිඳවීම. ‘සත්තාධිකරණ සමථ’ බලනු. (පි. 49)

අධිකරණික

පු. විනිශ්චයකාරයා, නඩු විසඳන්නා. (පි. 49)

අධිකරණී

ඉ. කිණිහිර. (පි. 49)

අධිකවචන

න. ව්‍යාකරණ සූත්‍රාදියෙහි දැක්වෙන අසිම්භි, අන්තග්ගහණ ආදිය. (පි. 49)