සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 47
අදාන
න. නොදීම, පරිත්‍යාග නොකිරීම. (පි. 48)
අදාස
පු. දාසකමින් මිදුනු තැනැත්තා, නිදහස් වූ තැනැත්තේ, ස්වච්ඡාචාරියා. (පි. 48)
අදි
√ භු. බන්ධනෙ, බැඳීමෙහි අන්දති, බඳියි. (පි. 48)
අදිට්ඨ
ති. නොදක්නාලද, නුදුටු. (පි. 48)
අදිට්ඨජොතනා
ඉ. නොදක්නා ලද්දහුගේ ප්‍රකාශය, පිළිවිසීම් වෙසෙසක්. (පි. 48)
අදිට්ඨසහාය(ක)
පු. නුදුටු යහළුවා, සන්දේශ ආදිය ගණුදෙනු කර ගැනීමෙන් මිත්‍ර ව. සිටින්නා. (පි. 48)
අදිති
ඉ. සුරමව, දෙවමාතාව. (පි. 48)
අදිතිනන්දන
පු. සුරමවගේ පුතා, දෙවියා. (පි. 48)
අදින්ත
ති. දානය නොකළ, නුදුන්, පරිත්‍යාග නොකළ. (පි. 48)
අදින්නපුබ්බ
ති. නුදුන්විරූ, පෙර නොදෙන ලද, දානය නොකළ. (පි. 48)
අදින්නාදාන
න. (අ=න+දින්න+ආ+දාන) නුදුන්දෙය ගැනීම. (පි. 48)
අදින්නාදායී
පු. හිමියන් විසින් නුදුන්දෙය ගන්නා තැනැත්තා. (පි. 48)
අදීන
ති. (අ=න+දීන) ජඩ නොවන, බැගෑ නොවන, දිළිඳු නොවන, කෙලතොලු නොවන. (පි. 48)
අදු
අ. නොහොත්, නැතහොත්. (පි. 48)
අදුක්ඛ
ති. දුක් නොවන, නිදුක්. (පි. 48)
අදුක්ඛමසුඛ
ති. (අ=න+දුක්ඛ+අ+සුඛ) දුක්සැප නොවන, සැපත් නොවූ දුකත් නොවූ, උපේක්‍ෂාවේදනාව. (පි. 48)
අදුට්ඨුල්ල
ති. ද්වෙආපත්තික්ඛාන්ධා දුට්ඨුල්ලා, අවසෙසා අදුට්ඨුල්ලා, ථුල්ලච්චය, පාචිත්තිය, පාටිදෙසනීය, දුක්කට, දුබ්භාසිත යන ඇවැත් පස අදුට්ඨුල්ල නමි. (පි. 49)
අදුතිය
ති. තමාට දෙවැනියෙක් නැති, දෙවැනි නොවන තෘෂ්ණා රහිත. “දුතිය” බලනු. (පි. 49)
අදුභය
ති. මිත්රද්රොහි නොවූ, පොරොන්දු කඩ නොකරන. (පි. 49)
අදූභ
ති. අහිංසක, පීඩා නොකරන. ද්‍රොහ නොකරන. (පි. 49)
අදූර
ති. දුරනොවන, සමීප, ළඟ. (පි. 49)
අදූසක
ති. නොකෙලෙසන. නිරපරාධ. (පි. 49)
අදූසිය
ති. දූෂණය නොකටයුතු. නිදොස්. නිරපරාධ. (පි. 49)
අදූහල
න. සතුන් ඇල්ලීමට යොදන උගුලක්. (පි. 49)