සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 46
අද්ධදණ්ඩ
පු. අර්ධදණ්ඩ, සතර රියන් දිග දණ්ඩක් දෙකට පලාගත් දඬුකඩ. (පි. 47)
අද්ධනිය
ති. මාර්ගයෙහි වූ, මග නියුතු, මාර්ගයෙහි යෙදුනු, කලක් පවත්නා. (පි. 47)
අද්ධමණ්ඩල
න. කුඩාමැඩිලි, සිවුරේ කුඩා අතුකැබලි. (පි. 47)
අද්ධමත්ත
පු. අර්ධමාත්රය, අඩමත, ව්යඤ්ජනා ක්ෂරය. (පි. 47)
අද්ධමාසික
ති. අඩමසකට (හෝ අඩමස්සකට) සුදුසු. (පි. 47)
අද්ධයොග
පු. ඒ ඒ ඡන්දසුන්ගේ ප්රස්තාර ගමන මාර්ගය. (පි. 47)
අද්ධයොජන
න. අඩයොදුන, යොදුන්බාගය “යොජන” බලනු. (පි. 47)
අද්ධසමවුත්ත
න. සතර පාදයන්ගෙන් පාද දෙකක් සමව සිටින ලෙස බදින වෘත්තය, අර්ධසමවෘත්තය. (පි. 48)
අද්ධා
අ. එකාන්තයෙහි, නිශ්චිතාර්ථයෙහි. (පි. 48)
අද්ධාන
න. මාර්ගය, පාර, දීර්ඝමාර්ගය, කාලය. (පි. 48)
අද්ධානදරථ
පු. මාර්ගක්ලාන්තභාවය, ගමන් වෙහෙස, ගමන්විඩාව. (පි. 48)
අද්ධානපරිස්සම
පු. ගමන් වෙහෙස, අද්ධාන දරථය. (පි. 48)
අද්ධානමග්ග
පු. දීර්ඝමාර්ගය (පි. 48)
අද්ධාර
න. දොරනැති සෙනසුන. (පි. 48)
අද්ධි
ඉ. විනිවිද ගිය හැකි වීථිය. (පි. 48)
අද්ධික
පු. මාර්ගිකයා, මගියා. (පි. 48)
අද්ධුව
ති. අස්ථිර, ශාශ්වත නොවන, තිරනැති. (පි. 48)
අද්ධෙන්ද්රපාසාණ
පු. (අද්ධ+ඉන්ද්ර+පාසාණ) අර්ධචන්ද්රාකාරපාෂාණය. සඳකඩපහණ. (පි. 48)
අද්වය
ති. දෙපරිද්දකින් නොවන, එකක් ම වන, සත්ය (පි. 48)
අද්වයවාදී
පු. දෙපරිද්දකින් පවත්නා කථා නොකියන තැනැත්තා, සත්යකථා ඇත්තා, තථාගතයන් වහන්සේ. (පි. 48)
අද්වෙජ්ඣමනස
පු. (අ+ද්වෙජ්ඣ+මනස) දෙපරිද්දකින් නොවන සිත් ඇත්තා. (පි. 48)
අද්වෙජ්ඣවචන
පු. එකාකාරයකින් පවත්නා වචන ඇත්තා, සත්ය වචන ඇත්තා. (පි. 48)
අද්වෙළ්හකවචන
පු. සැකරහිත වචන ඇත්තා, සත්යවාදියා. (පි. 48)
අදා
ක්රි. දානය කෙළේය, දුන්නේය - “දානං අදා ධාරයි නිච්චසීලං” (පි. 48)