සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 45
අදණ්ඩ
පු. නො දඬුවම. ති. දඬුවම් නොවන. දඬුවමට නුසුදුසු. (පි. 48)
අදත්තාදාන
න. වස්තු හිමියා විසින් කයින් හෝ වචනයෙන් නොදෙන ලද යම් කිසිවක් ගැනීම, අදින්නාදාන යනුද මීටම නමකි. (පි. 48)
අදන
න. අනුභවය. ආහාරය. (පි. 48)
අදන්ත
ති. අදමිත, දමනය නොකළ, නොදැමුනු. (පි. 48)
අදසක
න. (අ+දසක) දාවලු රහිත වස්ත්‍රය. (පි. 48)
අදස්සන
න. අදර්ශනය, නොදැක්ම, විනාශය, ලෝපය. (පි. 48)
අද්ද
√ චු. හිංසායං, හිංසාවෙහි අද්දෙති, අද්දයති, හිංසා කරයි. පෙළයි.
ති. ආර්ද්‍ර, තෙත. න. ඉඟුරු.
√ භු. ගමනයාචනෙ, ගමනෙහි, ඉල්ලීමෙහි. අද්දති, යෙයි. ඉල්ලයි. (පි. 47)
අද්දක
න. ආර්ද්‍රක, අමුඉඟුරු. (පි. 47)
අද්දක්ඛි
ක්‍රි. (දිස √ භු. පෙක්ඛණෙ-බැලී-මෙහි + ඊ. දිසධාතුවට. ‘දක්ඛ ආදේශ යි. ආදියෙහි අකාරය ආගම යි.) දුටුයේය බැලුයේය (පි. 47)
අද්දබ්බවුත්තී
පු. ද්‍රව්‍යයෙහි නොපවත්නේ අද්‍රව්‍ය වෘත්ති නමි. ආඛ්‍යාත භාවයයි. (පි. 47)
අද්දස(සා)
ක්‍රි. දුටුයේය දැක්කේය (පි. 47)
අද්දා
ඉ. අදනැකත. (පි. 47)
අද්දායති
ක්‍රි. (අද්ද √ චු. තෙමනෙ, තෙත් කිරීමෙහි +ණය+ති) තෙමයි, තෙක් කෙරෙයි. (පි. 47)
අද්දාරිට්ඨක
න. පෙනෙල මල්, කළුපැහැය. (පි. 47)
අද්දාවලෙපන
න. (අද්ද+අව+ලෙපන)තෙත් දෙයින් ආලේප කිරීම, දියසෙවෙල් ආදිය කෑම. ති. එය ඇති. “අද්දාවලෙපනා උපඛාරියො පක්ඛන්දින්ති” (පි. 47)
අද්දි
පු. පර්වතය, පව්ව. (පි. 47)
අද්දිත
පු. අර්දිතයා, පීඩිතයා. ති. මඩනාලද. (පි. 47)
අද්දුභක
ති. ද්‍රොහ නොකරන. (පි. 48)
අද්ධ
පු. අර්ධය, අසමභාගය, මාර්ගය, කාලය, අඩාළ, න. සමභාගය. (පි. 47)
අද්ධග
පු. මගියා, පථිකයා. (පි. 47)
අද්ධගත
ති. කල් ගිය, වයස් ගිය, පරණ වූ. (පි. 47)
අද්ධගු
පු. මගියා, පථිකයා. (පි. 47)
අද්ධචන්ද
අර්ධචන්ද්රයා, අඩසඳ, අටවක් දින සඳ. (පි. 47)
අද්ධචන්දා
ඉ. කලුතිරැස්සවාලු. (පි. 47)