සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 44

අතීතයොබ්බන

ති. ඉක්ම ගිය තරුණභාවය ඇති. (පි. 46)

අතීතාරම්මණ

න. පසුගිය දේ අරමුණු කිරීම. (පි. 46)

අතීරක

ති. පරතෙරක් නැති. මහත් පිරි සිඳීමක් නැති. (පි. 46)

අතීරදස්සී

ති. පරතෙර නොදක්නාසුලු. (පි. 46)

අතීරිත

ති. තීරණය නොකළ, නිශ්චය නොකළ. (පි. 46)

අතීව

අ. ඉතා ම, අතිශයින්. (පි. 46)

අතීහට්ඨ

ති. ඉතා සන්තෝෂ ඇති. (පි. 46)

අතුරිතචාරිකා

ඉ. බුදුරජාණන් වහන්සේ ගම් නියම්ගම් දනවු ආදියේ දිනකට යොදුන, අඩ යොදුන බැගින් පිඬු සිඟීම් ආදියෙහි යම් ගමනක් වැඩමවන සේක්ද ඒ ගමන අතුරිතචාරිකා නම් වේ. (පි. 46)

අතුල

ති. අසමාන, අසදෘශ. (පි. 46)

අතුලතෙජ

ති. අසමාන තෙදැති. (පි. 46)

අතුලිත

ති. අසමාන, සම නොකටහැකි. (පි. 46)

අතුලිය

ති. අසමාන, සම නොකටහැකි. (පි. 46)

අතෙකිච්ඡ

ති. පිළියම් කිරීමට නොහැකි, පිළියම් නොකට හැකි ආනන්තරිය වැනි පවුකම්ද මේ ගණයට වැටේ. (පි. 47)

අතො

අ. මෙහෙන්, මොහුගෙන්, මොහු කෙරෙන්. (පි. 47)

අථ

අ. අනන්තරාර්ථ, පදපූරණ, ප්‍රාරම්භ ප්‍රශ්න, යනාදියෙහි.
“අධිකාරෙ මඞ්ගලෙ වෙව - නිප්ඵන්නෙ අවධාරණෙ,
අනන්තරෙ චපාදානෙ - අථ සද්දො පවත්තති” (පි. 47)

අථබ්බ

න. අථර්‍වවෙදය, චතුර්‍වෙදයෙන් සතර වන වෙදය. (පි. 47)

අථබ්බණ

න. චතුර්වෙදයෙන් එකක්වූ අථර්වණ වේදය, “ආථබ්බණ මන්තො නාම ආථබ්බණක වෙද විහිතො පරූපඝාත කරොමන්තො” අශ්වාදි සතුන් මරා යාග කරන පිළිවෙළ උගන්වන වෙදයෙකි. තිරශ්චීන විද්‍යාවක් ලෙස බුදුසමය උගන්වයි. (පි. 47)

අථවා

අ. අනියමාර්ථයෙහි, නොහොත් නැතහොත් යන අර්ථයෙහි. (පි. 47)

අථුල්ලවජ්ජ

න. (න+ථුල්ලවජ්ජ) √ විද+ණ්‍ය, ද+ණ්‍ය ජ්ජ.) අථුල්ලවජ්ජාති ලහුතා ආපත්ති යයි කියූ බැවින් සුළු වරදෙහි පැණවූ ඇවැත් විශේෂයෙකි. එනම්:-ථුල්ලච්චය, පාචිත්තිය, පාටිදෙසනීය, දුක්කට, දුබ්හාසිත යන පඤ්චා පත්තීන් අථුල්ලවජ්ජ නමින් කියවෙයි. (පි. 47)

අථෙන

ති. නොසොර, පවිත්‍ර- “අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති” (පි. 47)

අථො

අ. අතන්තරාර්ථ, ප්‍රාරම්භ, ප්‍රශ්න, පද පූරණ යන මෙහි. (පි. 47)

අද

√ භු. භක්ඛණෙ, කෑමෙහි. අදිති, කයි, අනුභව කරයි. (පි. 48)

අදක

පු. අනුභව කරන්නා, කන්නා. (පි. 48)

අදඩ්ඪ

ති. ගින්නෙන් දනලද, පිලිස්සුනු දේ. (පි. 48)