සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 52

අධිමොක්ඛ

පු. නිශ්චය. අධිකශ්‍රද්ධාව. ඉටා ගැන්ම. (පි. 51)

අධිමොක්ඛතා

ඉ. අධිමොක්ෂබව. (පි. 51)

අධිරොහ

පු. ආරොහණය, නැඟීම. (පි. 51)

අධිරොහිණි

ඉ. හිණ, ඉණිමග. (පි. 51)

අධිවචන

න. නාමය, ප්‍රඥප්තිය, නාමාන්තරය, සංඥාව. (පි. 51)

අධිවචනපථ

පු. අර්ථය නොසලකා ආරූඪ වශයෙන් කරන නාම ව්‍යවහාරය. (පි. 51)

අධිවත්තති

ක්‍රි. (අධි+වතු+ති) පවතී. නික්මෙයි. (පි. 51)

අධිවත්තන

න. ඉවසීම. (පි. 51)

අධිවත්ථ

ති. අධිපතිව විසූ. (පි. 51)

අධිවර

ති. ඉතාහොඳ, අත්‍යූත්තම. (පි. 51)

අධිවාස

පු. නිවාසය, සුවඳ කැවීම් ආදි සංස්කරණය, ගිවිසීම, උපද්‍රවය, අනර්ථය, ඉවසීම, විඳීම. (පි. 51)

අධිවාසක

පු. ඉවසන්නා. (පි. 52)

අධිවාසන

න. ඉවසීම, සහනය, ක්ෂමාව. (පි. 52)

අධිවාසනතා

ඉ. ඉවසනබව, ක්ෂමා කරණබව, (පි. 52)

අධිවාසෙති

ක්‍රි. (අධි+වස √ චු. සිනෙහාදිසු=ස්නෙහාදියෙහි +ණෙ+ති) ඉවසයි.
ක්‍රි. (අධි+ වස √ චු. උපවාසෙ=සමීපවාසයෙහි +ණෙ+ති) වාසය කරයි. (පි. 52)

අධිවාහ

පු. ඉසිලීම. (පි. 52)

අධිවාහන

න. ඉසිලීම. (පි. 52)

අධිවුත්ති

ඉ. කීම, අදහස. (පි. 52)

අධිවුත්තිපද

න. අධිවචන පද, භුතාර්ථය මැඩ යථාස්වභාය නොගෙන පවත්නා දෘෂ්ටීන් පිළිබඳ පද, දෘෂ්ටි ප්‍රකාශක වචන. (පි. 52)

අධිවුත්ථ

ති. ප්‍රධානව වාසය කළ, විසූ. (පි. 52)

අධිසයන

න. වැතිරගෙන හොවීම, සයනා සනයෙහි වැතිර නිදීම. (පි. 52)

අධිසීල

න. උතුම් සීලය, මහාසීලය, ප්‍රාතිමොක්ෂසංවරශීලය, මාර්‍ග ඵල සම්ප්‍රයුක්ත ශීලය. (පි. 52)

අධිසෙති

ක්‍රි. (අධි+සි √ භු. සයෙ=සයනය කිරීමෙහි +ති) සයනය කරයි, හොවියි. (පි. 52)

අධීයති

ක්‍රි. (අධී+ඉ √ භු. අජ්ඣයතෙ=හැදෑරීමෙහි +ය+ති) හදාරයි. (පි. 52)