අනුපුබ්බනිරොධ
anupubbanirodha
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පිළිවෙළින් නිරුද්ධවීම, ප්රථමධ්යානයට සමවන්නහුට නිරුද්ධවන 1. කාමසංඥාව, ද්විතීයධ්යානයට සමවන්නහුට 2. විතක්කවිචාර, තෘතීය ධ්යානයට සමවන්නහුට නිරුද්ධවන 3. ප්රීතිය, චතුර්ථධ්යානයට සමවන්නහුට නිරුද්ධ වන 4. ආශ්වාස-ප්රශ්වාස, ආකාසානඤ්චායතනයට සමවන්නහුට නිරුද්ධවන 5. රූපසංඥාව, විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට නිරුද්ධවන 6. ආකාසානඤ්චායතන සංඥාව, ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට නිරුද්ධවන 7. විඤ්ඤානඤ්චායතන සංඥාව, නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට සමවන්නහුට නිරුද්ධවන 8. ආකිඤ්චඤ්ඤායතන සංඥාව, සඤ්ඤා වෙදයිත නිරොධයට සමවන්නහුට නිරුද්ධවන. 9. සංඥා - වෙදනා යන නවය. මොව්හු පිළිවෙළින් නිරුද්ධවෙත්නුයි අනුපුබ්බනිරොධ නම් වෙත්. (දීඝ නිකාය, සඞ්ගීති සුත්ත) (පි. 68)
Digital Pāḷi Dictionary
- anupubbanirodha masc successive (stage of) cessation [anupubba + nirodha]