සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 80
අනුපායාස
ති. (අන්=න+උප+ආයාස) වෙහෙස රහිත, දැඩි ආයාස නැති. (පි. 67)
අනුපාලක
ති. පාලනය කරන, රක්ෂා කරන. (පි. 67)
අනුපාලන
න. ආරක්ෂාව, පාලනය කිරීම. (පි. 67)
අනුපාලිත
ති. පාලනය කළ, රක්ෂා කළ. (පි. 67)
අනුපාලෙති
ක්රි. (අනු+පාල √ චු. රක්ඛණෙ, රැකීමෙහි +ණෙ+ති) පාලනය කරයි, රකී. (පි. 67)
අනුපාහන
ති. (අන්=න+උපාහන) වහන් රහිත, මිරිවැඩි නැති. (පි. 67)
අනුපියම්බවන
න. මල්ල රජුන්ගේ අනුපිය නම් අඹ උයන. (පි. 67)
අනුපිළිත
ති. පීඩා කළ. පෙළූ (පි. 67)
අනුපීළන
න. අනුපීඩනය, පෙළීම. මිරිකීම. (පි. 67)
අනුපීළෙති
ක්රි. (අනු+පීළ. √ චු. පීළනෙ, පීඩා කිරීමෙහි +ණෙ+ති) පෙළයි, පීඩා කරයි. (පි. 68)
අනුපුච්ඡති
ක්රි. (අනු+පුච්ඡ. √ භු. සම්පූච්ඡනෙ පිළිවිසීමෙහි +ති) අනුව විචාරයි, අනුව පිළිවිසී. (පි. 68)
අනුපුච්ඡා
ඉ. අනුපිළිවිසීම, ප්රතිපෘච්ඡාව. (පි. 68)
අනුපුට්ඨ
ති. (අනු+පුච්ඡ+ත - ධාත්වන්තය සහිත ‘ත’ හට ‘ට්ඨ’ ආදෙසයි) විචාළ, විචාරණලද, පිළිවිසූ. (පි. 68)
අනුපුබ්බ(ක)
ති. අනුපටිපාටිය, අනුපිළිවෙළ, අනුක්රමය. (පි. 68)
අනුපුබ්බනින්ත
ති. කුමයෙන් පහත්ව නැමුනු. (පි. 68)
අනුපුබ්බනිරොධ
පු. පිළිවෙළින් නිරුද්ධවීම, ප්රථමධ්යානයට සමවන්නහුට නිරුද්ධවන 1. කාමසංඥාව, ද්විතීයධ්යානයට සමවන්නහුට 2. විතක්කවිචාර, තෘතීය ධ්යානයට සමවන්නහුට නිරුද්ධවන 3. ප්රීතිය, චතුර්ථධ්යානයට සමවන්නහුට නිරුද්ධ වන 4. ආශ්වාස-ප්රශ්වාස, ආකාසානඤ්චායතනයට සමවන්නහුට නිරුද්ධවන 5. රූපසංඥාව, විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට නිරුද්ධවන 6. ආකාසානඤ්චායතන සංඥාව, ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට නිරුද්ධවන 7. විඤ්ඤානඤ්චායතන සංඥාව, නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට සමවන්නහුට නිරුද්ධවන 8. ආකිඤ්චඤ්ඤායතන සංඥාව, සඤ්ඤා වෙදයිත නිරොධයට සමවන්නහුට නිරුද්ධවන. 9. සංඥා - වෙදනා යන නවය. මොව්හු පිළිවෙළින් නිරුද්ධවෙත්නුයි අනුපුබ්බනිරොධ නම් වෙත්. (දීඝ නිකාය, සඞ්ගීති සුත්ත) (පි. 68)
අනුපුබ්බපටිපදා
ඉ. 1. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, 2. දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා, 3. සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා, 4. සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යන ප්රතිපදා සතර. (දීඝ නිකාය, සඞ්ගීති සුත්ත) (පි. 68)
අනුපුබ්බවිහාර
ඉ. රූප ධ්යාන සතරය, අරූපධ්යාන සතරය, සඤ්ඤාවෙදයිත නිරොධය යන නවය. (දීඝ නිකාය, සඞ්ගීති සුත්ත) (පි. 68)
අනුපුබ්බවිහාරසමාපත්ති
ඉ. රූප ධ්යාන සතරය, අරූපධ්යාන සතරය, සඤ්ඤාවෙදයිත නිරොධය යන නවය. (දීඝ නිකාය, සඞ්ගීති සුත්ත) (පි. 68)
අනුපෙක්ඛණ
න. අනුව බැලීම, බැලීම. (පි. 68)
අනුපෙක්ඛති
ක්රි. (අනු+ප+ඉක්ඛ √ භු. දස්සන අඞ්කෙසු, දැකීමෙහි හා සලකුණු කිරිමෙහි +ති) බලයි, අනුව බලයි. (පි. 68)
අනුපෙසෙති
ක්රි. (අනු-පිස. √ වු. පෙසනෙ, යැවීමෙහි +ති) අනුව යවයි, පසුව යවයි, පිළිවෙළින් යවයි. (පි. 68)
අනුපොසථ
පු. (අන්=න+උපොසථ) උපෝසථ (=පෝය) නොවන දවස. (පි. 68)
අනුඵරණ
න. අනුව පැතිරීම, පැතිර යාම. (පි. 68)