සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 79
අනුප්පත්ති
ඉ. අනුප්‍රාප්තිය, පැමිණීම. (පි. 65)
අනුප්පදාන
න. අනුව දීම, අනුදානය, පොලී දීම. (පි. 65)
අනුප්පන්න
ති. (අන්=න+උප්පන්න) නූපන්, හටනොගත්. (පි. 65)
අනුප්පවෙච්ඡති
ක්‍රි. (අනු+ප+වෙසු. √ භු. දානෙ, දීමෙහි ධාත්වන්තයට ‘ච්ඡ’ ආදසයි+ති) දෙයි, ප්රදානය කෙරෙයි, සපයයි. (පි. 65)
අනුප්පවෙච්ඡන
න. අනුප්‍රවේශය, අනුව ඇතුළත් වීම, දීම. (පි. 65)
අනුප්පාස
පු. ගද්යපද්යයන් පිළිබඳ වර්ණයන්ගේ පුනරාවාත්ති වශයෙන් නොලංවූ උච්චාරණය. මෙය දශ විධ කාව්‍ය ප්‍රාණයන් අතුරෙන් මාධුර්ය්යයෙහි අඩංගුය. (පි. 65)
අනුප්ලව
පු. ඉල්පීම, ඉලිප්පීම, අනුචරයා, යහළුවා, දාසයා. (පි. 65)
අනුපාත
පු. වැටීම, පතනය. (පි. 67)
අනුපාතී
ති. කෙනෙක් අනුව යන්නා. කොන් තබන්නා ඇනුම්පද කියන්නා. (පි. 67)
අනුපාද
න. පු. පා අනුව, පාදයක් අනුව, පියවරක් පාසා. (පි. 67)
අනුපාදන
න. සම්පාදනය, පිළියෙන කිරීම. (පි. 67)
අනුපාදය
අ. නොගෙන, ග්‍රහණය නොකොට. (පි. 67)
අනුපාදානිය
ති. තෘෂ්ණාදිවශයෙන් නොගත යුතු. (පි. 67)
අනුපාදාපරිනිබ්බාන
න. උපාදාන රහිතව පිරිනිවීම. (පි. 67)
අනුපාදිත
ති. පමුණුවනලද, ගෙනයනලද. (පි. 67)
අනුපාදින්න
ති. උපාදාන ග්‍රහණය නොකළ. (පි. 67)
අනුපාදියති
ක්‍රි. (අන්=න+උප+ආ+දා. √ දි. දානෙ, දීමෙහි +ය+ති) තෘෂ්ණාදිවශයෙන් නොගනී. (පි. 67)
අනුපාදියාන
ති. ග්‍රහණය නොකිරීම, තෘෂ්ණාදි වශයෙන් නොගැනීම. “අනුපාදියානො ඉධ වා හුරං වා.” (පි. 67)
අනුපාදිසෙස
ති. (අන්=න+උපාදිසෙස) උපාදි සඞ්ඛ්‍යාත ස්කන්ධ ශේෂය රහිත, උපාදිශේෂ නැති. (පි. 67)
අනුපාදිසෙසපරිනිබ්බානධාතු
ඉ. ස්කන්ධ පරිනිර්වාණය, රහතුන් වහන්සේලාගේ කාලක්‍රියා සඞ්ඛ්‍යාත පිරිනිවීම. (උපාදීයති කාමූපාදානාදීහීති උපාදි, පඤ්චක්ඛන්ධස්සෙතං අධිවචනං; උපාදි යෙව සෙසො කිලෙසෙහීති උපාදිසෙසො; තෙන සහ වත්තතීති සඋපාදිසෙසා, සා එව නිබ්බාණධාතුති සඋපාදිසෙස නිබ්බාණධාතු. වි. ටීකා.) (පි. 67)
අනුපාපුණන
න. පැමිණීම. එළවීම. (පි. 67)
අනුපාපුණාති
ක්‍රි. (අනු+ප+අප. √ පු. පාපණෙ, පැමිණීමෙහි,+උණා+ති) පමුණුවයි, එළවයි. (පි. 67)
අනුපාපෙති
ක්‍රි. (අනු+අප. √ චු. පාපණෙ පැමිණීමෙහි +ණෙ+ති) පමුණුවයි, සමීපයට එළවයි. (පි. 67)
අනුපාය
ති. (අන්=න+උපාය) උපාය රහිත. (පි. 67)