සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 78
අනුපරිවාරෙති
ක්රි. (අනු+පරි+වර. √ චු. ආවරණෙ, වැළකීමෙහි +විකරණ-ණෙ+ති) අනුව පිරිවරයි. (පි. 66)
අනුපරිවෙණ
න. පිරිවෙණක් පාසා. (පි. 66)
අනුපරිවෙණිය
ති. පිරිවෙණක් පාසා. (පි. 65)
අනුපරිසක්කති
ක්රි. (අනු+පරි+සක්කති) උත්සාහ කෙරෙයි, තැත්කෙරෙයි. (පි. 66)
අනුපරිසක්කන
න. වීර්ය්ය කිරීම, තැත් කිරීම. “වධාය පරිසක්කනං පනස්ස ආරබ්භ කථෙසි.” (පි. 66)
අනුපරිහරණ
න. අනුපරිභොගය. (පි. 66)
අනුපරිහරති
ක්රි. (අනු+පරි+හරති) පිළිවෙළින් පරිහරණය කරයි. (පි. 66)
අනුපරොධ
පු. අවිරුද්ධ, අනුකූල, අනුගත. (පි. 66)
අනුපවජ්ජ
ති. උපවාද රහිත, නින්දා රහිත. (පි. 66)
අනුපවාද
ති. උපවාද රහිත. “අනුපවාදො අනුපඝාතො පාතිමොක්ඛෙ ච සංවරො.” (පි. 66)
අනුපවාදක
පු. නොගරහන්නා, නින්දා නොකරන්නා. (පි. 66)
අනුපවාදී
ති. උපවාද නොකරන්නා. (පි. 67)
අනුපවිට්ඨ
ති. අනුව ප්රවේශ කළ, ඇතුළත් වූ. (පි. 67)
අනුපවිසති
ක්රි. (අනු+ප+විසති) ප්රවිෂ්ට වෙයි. ඇතුළත් වෙයි. (පි. 67)
අනුපවිසන
න. අනුප්රවේශය, ඇතුළත් වීම. (පි. 67)
අනුපවෙසෙති
ක්රි. (අනු+ප+විස √ භු. පවෙසනෙ, ප්රවේශයෙහි, ණෙ+ති) ප්රවේශ කරයි, ඇතුළත් කරයි. (පි. 67)
අනුපසඞ්කමන
න. සමීපයට නොඑළඹීම. (පි. 67)
අනුපසණ්ඨපන
න. නොතැමීම, නොපිහිටුවීම. (පි. 67)
අනුපස්සක
පු. බලන්නා, අනුව බලන්නා. (පි. 67)
අනුපස්සති
ක්රි. (අනු-දිස. √ භු. පෙක්ඛණෙ, බැලීමෙහි, දිස=පස්ස+ති) දකී, බලයි. (පි. 67)
අනුපස්සනා
ඉ. බැලීම, අනුව බැලීම, කායානුපස්සනාදිය. “අනුපුනප්පුනං පස්සන්ති එතායාති අනුපස්සනා.” නාමරූප ධර්මයන්ගේ දිරීම් සිවභාවය දන්නා චින්තාමය ඤාණයද, නාමරූපයන්ගේ පීඩාකරන බව දැන ගන්නා චින්තාමය ඤාණයද, නාමරූපයන්ගේ අනාත්මතාව දැනගන්නා, චින්තාමය ඤාණයද යන ත්රිවිධ ඤාණය අනුපස්සනා නමි. (පි. 67)
අනුපස්සී
පු. අනුව බලන්නා, කායානුපස්සනාදිය කරන්නා. (පි. 67)
අනුපහත
ති. (අන්=න+උප+හත) නොනසන ලද, නොනැසූ. (පි. 67)
අනුප්පත්ත
ති. පිළිවෙළින් පැමිණි “අනුප්පත්තසදත්ථො.” (පි. 65)