සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 81
අනුඵරති
ක්රි. (අනු+එර √ භු. ඵරණෙ, පැතිරීමෙහි +ති) පැතිරෙයි, පුරා පැතිරෙයි. (පි. 68)
අනුඵුසති
ක්රි. (අනු+ඵුස. √ භු. සම්ඵස්සෙ, ස්පර්ශයෙහි +ති) ස්පර්ශ කෙරෙයි, ගටයි. (පි. 68)
අනුඵුසන
න. අනුස්පර්ශය, පහස, ගැටීම. (පි. 68)
අනුඵුසිත
ති. අනුස්පර්ශය කළ, ස්පර්ශ කළ. (පි. 68)
අනුඵුසීයති
ක්රි. (අනු+ඵුස. (√ භු. සම්ඵස්සෙ, ස්ඵර්ශ කිරිමෙහි) ඊ+ය+ති) අනුස්ඵර්ශ කරණු ලබයි. (පි. 68)
අනුබජ්ඣති
ක්රි. (අනු+බධ, √ දි. බන්ධනෙ, බැඳීමෙහි, ධ=ජ්ඣ+ති) බඳියි. (පි. 68)
අනුබන්ධ
පු. අනුව බැඳීම, ලුහුබැඳීම, කාර්ය්ය කාලයෙහි ලොප්වන අකුර. වෘද්ධි ආදි කාර්ය්යයක් පිණිස පමණක් කියනු ලබන්නාවු ණකාරාදි අක්ෂරය අනුබන්ධ නමි.
න. අනුව බැඳීම, කාර්ය්යකාලයෙහි ලොප්වන අකුර. (පි. 68)
අනුබන්ධති
ක්රි. (අනු+බන්ධ. √ භු. බන්ධනෙ, බැඳීමෙහි +ති) අනුබඳියි, ලුහුබඳියි. (පි. 68)
අනුබල
න. උදවුව, පශ්චාද් බලය, රුකුල්-දීම. (පි. 68)
අනුබ්බජති
ක්රි. (අනු+වජ. √ භු. ගතියං, යාමෙහි, ව=බ=බ්බ+ති) අනුව යෙයි. (පි. 69)
අනුබ්බත
න. (අනු+වත+ව=බ) අනුව්රතව, ව්රතය අනුව, ව්රතානුකුලව, ව්රතයට සුදුසු පරිදි. (පි. 69)
අනුබ්බිල්ලාවිතත්ත
න. (අනු=න+උබ්බිල්ලවිත+ත්ත) උඩඟු ගති නැති බව. (පි. 69)
අනුබ්යඤ්ජන
න. කුඩාලකුණු. (පි. 69)
අනුබ්ර්ෑහණ
න. වැඩීම, නැවත නැවත වැඩීම, මනසිකාරය. (පි. 69)
අනුබ්ර්ෑහිත
ති. වඩනලද, නැවත නැවත මෙනෙහි කළ. (පි. 69)
අනුබ්ර්ෑහෙති
ක්රි. (අනු+බ්රෑහ. √ භු. වඩ්ඪනෙ, වැඩීමෙහි +ණෙ+ති) වඩයි, නැවත නැවත මෙනෙහි කරයි. (පි. 69)
අනුබුජ්ඣති
ක්රි. (අනු+බුධ √ දි. අවගමනෙ, අවබෝධයෙහි, ධ=ජ්ඣ+ති) අවබොධ කෙරෙයි. (පි. 68)
අනුබුජ්ඣන
න. අවබෝධ කිරීම, දැනගැනීම. (පි. 68)
අනුබුද්ධ
පු. දෙවෙනි බුදුරජ, බුදුවරයෙකුට දෙවැනි තැනැත්තා. ති. ප්රතිවේධ කළ. (පි. 68)
අනුබොධ
පු. අවබෝධය, ප්රතිවේධය, දැනීම, ඥානය. (පි. 68)
අනුබොධති
ක්රි. (අනු+බුධ. √ භු. බොධනෙ, අවබෝධයෙහි +උ=ඹ+ති) අවබෝධ කරයි, ප්රතිවේධ කරගනියි. (පි. 69)
අනුබොධන
න. අවබෝධය, ප්රතිවේධය, ඥානය. (පි. 69)
අනුභණන
න. අනුකථනය, අනුව බිණීම, එකට එක කීම. (පි. 69)
අනුභවති
ක්රි. (අනු+භු. √ භු. සත්තායං, වීමෙහි (ඌ=ඔ=අව+ති) වලඳයි, අනුභව කරයි, ප්රයොජනය ගනියි. පරිභොග කරයි. (පි. 69)