සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 82
අනුභවන
න. අනුභවය, වැලඳීම. (පි. 69)
අනුභාග
පු. දෙකෙන් කොටස, දෙකෙන් පංගුව. (පි. 69)
අනුභායති
ක්‍රි. (අනු+භී, √ භු. භයෙ, බිය වීමෙහි +ඉ=එ=අය+ති) බියපත් වෙයි. (පි. 69)
අනුභාව
පු. බලය, තෙජස, ආනුභාවය නව නාට්‍ය රසාත්මකවූ ස්ථායී භාව ආදි ත්‍රිවිධ භාවයන් අවබෝධ කරවීම අනුභාව නමි. (පි. 69)
අනුභාසති
ක්‍රි. (අනු+භාස, √ භු. වාචායං, කීමෙහි +ති) කියයි, ප්‍රකාශ කරයි. අනුව කියයි. (පි. 69)
අනුභාසන
න. අනුකථාව, කථාවකට අනතුරුව කරන කථාව. (පි. 69)
අනුභාසිත
ති. අනුභාසනය කළ. (පි. 69)
අනුභුත
ති. අනුභව කළ, අවබෝධ කළ, ප්‍රයොජන ගත්. (පි. 69)
අනුභුතවිසය
පු. අනුභුතාර්ථය විෂය කොට පවත්නා ‘ත’ ශබ්දය ‘ය’ ශබ්දයා අපේක්ෂා නොකිරීම. ‘ත’ ශබ්ද යොග ප්‍රභෙද ව්‍යාකරණ විධිය. (පි. 69)
අනුභොති
ක්‍රි. (අනු+ භු. √ භු. සත්තායං, වීමෙහි +ඌ=ඔ+ති) අනුභව කරයි. (පි. 69)
අනුම
පු. ස්පල්පය, ටික. (පි. 69)
අනුමග්ග
පු. අනුමාර්ගය, අඩමග, මාර්ගය අනුව. (පි. 69)
අනුමජ්ජති
ක්‍රි. (අනු-මජ්ජ. √ භු. සංසුද්ධියං, පිරිසිදු බැව්හි +ති) පිරිමදියි, මිරිකයි. (පි. 69)
අනුමජ්ජන
න. පිරිමැදිම, ඔප දැමීම. (පි. 69)
අනුමජ්ඣ
පු. මධ්‍යය, මැදභාගය. (පි. 69)
අනුමඤ්ඤති
ක්‍රි. (අනු+මන. √ දි. ඤාණෙ, දැනීමෙහි +ය=ඤ්ඤ+ති) අනුමත කෙරෙයි. (පි. 69)
අනුමඤ්ඤන
න. අනුදැනීම, සම්මත කිරීම. (පි. 69)
අනුමත
ති. අනුදන්නාලද. න. අනුමත කිරීම. (පි. 69)
අනුමති
ඉ. අනුමතිය, අනුදැනීම, ආඛ්‍යාත සප්ත විභක්තීන්ගේ විෂය භේදයක්. (පි. 69)
අනුමන්තු
පු. ඔබට මේ දෙය දෙමියි කී කල යහපත එසේ කරවයි දන්දෙන්නහුට අනුදැනීම. අනුමන්තු, සම්ප්‍රදාන විශේෂයක්. (පි. 69)
අනුමසති
ක්‍රි. (අනු+මස. √ භු. ආමසෙනෙ, ස්පර්ශ කිරීමෙහි +ති) ස්පර්ශ කරයි. ගටයි. (පි. 69)
අනුම්මත්ත
ති. (අන්=න+උ+මද. √ දි. උම්මාදෙ, උමතු වීමෙහි +ත) උමතු නොවන, පිස්සු නොවන. (පි. 69)
අනුමාන
ති. අනුව කල්පනා කිරීම, අනුව ප්‍රමාණ කිරීම, අනුමාන ඥානය, එකට එක ගලපා කල්පනා කිරීමේ ඤාණය, ව්‍යාප්ති ඥානය. (පි. 69)
අනුමිත
ති. අනුව ප්‍රමාණ කරන ලද්ද, අනුමත කරන ලද්ද. (පි. 69)