සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 83

අනුමිත්ත

පු. දෙවැනි මිත්‍රයා. න. මිත්‍රයා අනුව. (පි. 69)

අනුමිති

ඉ. අනුව ප්‍රමාණ කිරීම. පර්‍වතය ගින්නෙන් ව්‍යාප්‍යවූ දුම් ඇත්තේයයි පැතුරුනාවූ ධූමයාගේ පක්ෂවෘත්තිත්වයෙහි පවත්නා ඥානය පරාමර්‍ශ නමි. ඒ පරාමර්‍ශයෙන් උපදනා නුවණ අනුමිති නම් වේ. (පි. 70)

අනුමිනාති

ක්‍රි. (අනු+මා √ කි. පරිමානෙ, ප්‍රමාණ කිරීමෙහි-ආ+ඉ+නා+ති) අනුව ප්‍රමාණ කරයි, මණියි. (පි. 70)

අනුමීයති

ක්‍රි. (අනු+මා. √ භු. පමාණෙ, මිණීමෙහි +ආ=ඊ+ය+ති) ප්‍රමාණ කරණු ලැබේ. (පි. 70)

අනුමෙය්‍යවිසය

න. අපාදානයාගේ ක්‍රියා විශේෂය අනුමානයෙන් ගැනීම, අපාදාන ප්‍රභේදයෙකි. (පි. 70)

අනුමොදක

පු. අනුමෝදන් වන්නා, සමාදන් වන්නා. (පි. 70)

අනුමොදති

ක්‍රි. (අනු+මු √ භු. සන්තොසෙ සතුටුවීමෙහි +ති) අනුමොදන් වෙයි. (පි. 70)

අනුමොදන

න. අනුමෝදන් වීම. (පි. 70)

අනුමොදනා

ඉ. දන්දී අවසන්හි දෙසන ධර්මය, අනුමෙවැනි බණ. (පි. 70)

අනුමොදනීය

ති. අනුමෝදන් වියයුතු. (පි. 70)

අනුමොදිත

ති. අනුමොදන් කරවනලද. (පි. 70)

අනුයාගී

පු. අනුව යාග කරන තැනැත්තා. (පි. 70)

අනුයාත

ති. අනුව යනලද, අනුගමනය කළ. (පි. 70)

අනුයාති

ක්‍රි. (අනු+යා. √ භු. ගතියං, යාමෙහි +ති) අනුව යෙයි. කැටුව යෙයි. (පි. 70)

අනුයායී

ති. අනුව යන, නොහැර යන. (පි. 70)

අනුයුඤ්ජති

ක්‍රි. (අනු+යුජ. √ රු. යොගෙ, යෙදීමෙහි +ති) අනුව යෙදෙයි. (පි. 70)

අනුයුඤ්ජන

න. අනුයොගය, අනුව යෙදීම. (පි. 70)

අනුයුඤ්ජියමාන

ති. අනුයොග කරණු ලබන, යොදනු ලබන, ප්‍රශ්න කරණු ලබන. (පි. 70)

අනුයුත්ත

ති. අනුව යොදනලද, ප්‍රශ්න කරන ලද. (පි. 70)

අනුයොග

පු. ප්‍රශ්නය, අනුව යෙදීම. (පි. 70)

අනුයොගවත්තු

පු. අනුයොග ඇත්තා. (පි. 70)

අනුයොගී

ති. අනුයොග ඇති. (පි. 70)

අනුරක්ඛක

ති. ආරක්ෂා කරන, රකින. (පි. 70)

අනුරක්ඛණ

න. රැකීම, අනුරක්ෂණය. (පි. 70)