සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 84
අනුරක්ඛති
ක්රි. (අනු+රක්ඛ. √ භු. රක්ඛණෙ, රැකීමෙහි +ති) අනුරක්ෂණය කරයි. (පි. 70)
අනුරක්ඛා
ඉ. අනුව රැකීම. (පි. 70)
අනුරක්ඛි
ති. රකින, අනුව රකින. (පි. 70)
අනුරක්ඛිය
ති. අනුව රැක්කයුතු, අරක්ෂා කොට, රැක, ගොපනය කොට. (පි. 70)
අනුරඤ්ජිත
ති. අනුව රැඳුනු. (පි. 70)
අනුරත්ත
ති. අනුරක්ත, රාගයෙන් රත, ඇලුණු. (පි. 70)
අනුරමති
ක්රි. (අනු+රමු. √ භු. කීළායං, ක්රීඩාවෙහි +ති) ඇලෙයි. (පි. 70)
අනුරවති
ක්රි. (අනු+රු. √ සද්දෙ, ශබ්ද කිරීමෙහි +ති) ප්රතිශබ්ද කරයි, පිළිරැව් දෙයි. (පි. 70)
අනුරහො
අ. රහස, රහසෙහි. (පි. 70)
අනුරාධපුර
න. අනුරනැකතින් රාධ නම් ඇමතියා විසින් පිහිටුවනලද ලක්දිව පිහිටි එනම් නුවර. (පි. 70)
අනුරාධා
ඉ. අනුරේ නැකත. (පි. 70)
අනුරාව
න. පිළිරැව්, ප්රතිනාදය, දෝංකාර ශබ්දය. (පි. 70)
අනුරුජ්ඣති
ක්රි. (අනු+රුධි. √ දි. ආවරණෙ, වැළකීමෙහි +ය+ති) ආවරණය කෙරෙයි. (පි. 70)
අනුරුද්ධ
ති. ආවරණය කළ, වළකනලද. (පි. 70)
අනුරුධ
√ දි. කාමෙ, කැමතිවීමෙහි, අනුරුජ්ඣති (අනු+රුධ-අනුපූර්ව රුධ ධාතුව මයි) කැමති වෙයි. (පි. 70)
අනුරූප
ති. සුදුදු, යොග්ය, අභිමත වන, යොග්ය ස්වරූපය. (පි. 70)
අනුරොදති
ක්රි. (අනු+රුදි. √ භු. අස්සු විමොචනෙ, කඳුලු හෙලීමෙහි +ති) කඳුලු හෙලයි, හඬයි. (පි. 70)
අනුරොධ
ති. අනුකූල, එකඟ. අනුව පැවතීම පු. ආවරණය. (පි. 70)
අනුරොධති
ක්රි. (අනු+රුධි. √ දි. ආවරණෙ, වැළැක්මෙහි +ති) වළක්වයි, ආවරණය කරයි. (පි. 70)
අනුලපන
න. අනුකථාව, අනුලාපය, දෙවෙනි කථාව (පි. 71)
අනුල්ලපන
ති. (අ+න+උ+ √ ලප+යු=අන) නොකීම, චෝදනා නොකිරීම. අනාපත්ති භික්ඛු අනුල්ලපනාධිප්පායස්ස. (පි. 71)
අනුලාප
පු. කී තෙපුල් නැවත කිම, කෙණෙහි කෙණෙහි බිණීම. (පි. 71)
අනුලාසී
පු. මොනරා. (පි. 71)
අනුලිත්ත
ති. සඳුන් ආදිය ගානලද, සුණු ආදිය ආලේප කළ. (පි. 71)