සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 85
අනුලිම්පති
ක්‍රි. (අනු+ලිප. √ රු. ලිම්පනෙ, ආලේප කිරීමෙහි +ති) ආලේප කරයි, තවරයි. (පි. 71)
අනුලිම්පන
න. ආලේපනය, ලෙපනය. (පි. 71)
අනුලෙප
පු. තැවරීම, ගෑම, ආලේප කිරීම. (පි. 71)
අනුලොකන
න. අවලොකනය, බැලීම. (පි. 71)
අනුලොකී
පු. අනුව බලන්නා- “සීසානුලොකී පච්ඡතො පච්ඡතො අනුබන්ධි.” (පි. 71)
අනුලොම
න. අනුලොම් බව, එකඟ බව, පු. පිළිවෙළ. (පි. 71)
අනුලොමඤාණ
න. අනුලොමඥානය. (පි. 71)
අනුලොමික
ති. අනුලොම්ව පවත්නේ. (පි. 71)
අනුලොමෙති
ක්‍රි. (අනුලොම+ණෙ+ති) අනුලොම් කෙරෙයි. (පි. 71)
අනුවජ්ජ
පු. උපවාදය, පරිභවය, නින්දාව, අනුවදනය. (පි. 71)
අනුවත්තක
පු. අනුව පවතින තැනැත්තා. (පි. 71)
අනුවත්තති
ක්‍රි. (අනු+වතු √ භු. වත්තනෙ, පැවතීමෙහි +ති) අනුව පවතී. (පි. 71)
අනුවත්තන
න. අනුව පැවැත්ම, අනුවර්තනය. ව්‍යාකරණයෙහි යම් සූත්‍රයකින් තව සූත්‍රයකට කිසි පදයකගේ වැටීම අනුවර්තන නමි. (පි. 71)
අනුවත්ති
ඉ. අනුවෘත්තිය. අනුව පැවැත්ම. (පි. 71)
අනුවත්තිත
ති. අනුවර්තනය කළ, අනුව පැවති. (පි. 71)
අනුවත්තෙති
ක්‍රි. (අනු+වතු. √ භු. වත්තනෙ, පැවැත්මෙහි +ණෙ+ති) පවත්වයි. (පි. 71)
අනුවදති
ක්‍රි. (අනු+වද, √ භු. වචනෙ, කීමෙහි +ති) කියයි, බිණියි. (පි. 71)
අනුවදන
න. අනුවාදයන, අනුකථනය. (පි. 71)
අනුවසති
ක්‍රි. (අනු+වස. √ භු. නිවාසෙ, විසීමෙහි +ති) වාසය කෙරෙයි. (පි. 71)
අනුවසන
න. වාසය කිරීම, විසීම. (පි. 71)
අනුවස්ස
න. වර්ෂයක් අනුව, අවුරුද්දක් පාසා. (පි. 71)
අනුව්‍යඤ්ජන
න. ව්‍යඤ්ජන අනුව, කුඩා ව්‍යඤ්ජන, කුඩා ලකුණු. (පි. 72)
අනුව්යඤ්ජනග්ගාහී
ති. ව්‍යඤ්ජන අනුව ගන්නා. (පි. 72)
අනුවාචෙති
ක්‍රි. (අනු+වච. √ චු. භාසනෙ, කීමෙහි +ණෙ+ති) අනුව කියයි. (පි. 71)