සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 86

අනුවාත

න. අනුවාතය, යටිසුළඟ, සිවුරෙහි නුවාව. (පි. 71)

අනුවාද

පු. නු(අ)ගුණ කීම, අනුකථනය. එකභාෂාවකින් පැවැති වාක්‍යාදියක් අන්‍ය භාෂාවකින් කීම. (පි. 71)

අනුවාදාධිකාරණ

න. ‘චතුබ්බිධ අධිකරණ’ බලනු. (පි. 71)

අනුවාස(න)

න. සුවඳ කැවීම, සුවඳ ගැල්වීම. (පි. 71)

අනුවාසෙති

ක්‍රි. (අනු+වස √ චු. සිනෙහාදිසු. ස්නෙහාදියෙහි +ණෙ+ති) සුවඳ කවයි. (පි. 71)

අනුවික්ඛිත්ත

ති. (අනු+වි+ඛිප. √ භු. ඛෙපනෙ, දැමීමෙහි ‘ප’ ලොප්+ත=ත්ත) විසුරුවනලද, විවිධ දිසාවන්හි දමනලද, එක අරමුණක නොපිහිටුවනලද. (පි. 71)

අනුවිචරණ

න. හැසිරීම, සඤ්චාරය, අනුව හැසිරීම. (පි. 71)

අනුවිචරති

ක්‍රි. (අනු+වි+චර √ භු. චරණෙ, හැසිරීමෙහි.+ති) හැසිරෙයි, සක්මන් කරයි. (පි. 71)

අනුවිචරිත

ති. හැසිරෙණලද, අනුව හැසිරෙණ ලද. (පි. 71)

අනුවිච්ච

අ. දැන. (පි. 71)

අනුවිචාර

පු. හැසිරීම, පරීක්ෂාව. (පි. 71)

අනුවිචිනක

පු. සොයන්නා, පරීක්ෂා කරන්නා. (පි. 71)

අනුවිජ්ජක

පු. විසඳන්නා, විනිශ්චය කරන්නා, පරීක්ෂා කරන්නා. (පි. 71)

අනුවිජ්ජති

ක්‍රි. (අනු+විද √ දි. සත්තායං, වීමෙහි, ද=ජ=ජ්ජ+ති) විද්‍යමාන වේ. ඇති වේ. (පි. 71)

අනුවිජ්ඣති

ක්‍රි. (අනු+විධ. √ දි. වෙධනෙ, විදීමෙහි, ධ=ජ්ඣ+ති) විදියි. (පි. 72)

අනුවිතක්ක

පු. අනුව සිතීම, නැවත නැවත සිතීම. (පි. 72)

අනුවිතක්කෙති

ක්‍රි. (අනු+වි+තක්ක √ චු. විතක්කනෙ, විතර්‍කණයෙහි +නෙ+ති) අනුවිතර්‍කණය කරයි, සිතයි. (පි. 72)

අනුවිද්ධ

ති. විදිනලද, සිදුරු කළ. (පි. 72)

අනුවිදිත

ති. දන්නාලද, අවබෝධ කළ. (පි. 72)

අනුවිධාන

න. විධානය, නියොගය, නියම කිරීම. (පි. 72)

අනුවිධායති

ක්‍රි. (අනු+වි+ධා. √ චු. ධාරණෙ දැරීමෙහි +ණය+ති) විධාන කරයි, නියම කරයි. (පි. 72)

අනුවිධීයති

ක්‍රි. (අනු+වි+ධා √ භු. ධාරණෙ දැරීමෙහි +ආ = ඊ+ය+ති) අනුවිධානය කරණු ලබයි, නියම කරණු ලබයි. (පි. 72)

අනුවිධීයන

න. විධානය කිරීම, නියොග කිරීම. (පි. 72)

අනුවිලොකන

න. බැලීම, නැවත නැවත සෙවීම, පරීක්ෂා කිරීම. (පි. 72)