සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 87
අනුවිවට්ට
පු. සිවුරේ නුවාව. (පි. 72)
අනුවිසට
න. පැතිරෙණ ලද, පතළාවු- “විසටං සප්ප විසංව ඔසධෙහි” (පි. 72)
අනුවුත්ති
ති. අනුවැ වැටීම, සුත්රයෙක්හි නොපෙණෙන කාර්ය්ය කාර්යී නිමිත්ත පදයන්ගෙන් එකක් හෝ කීපයක් අන්‍ය සුත්‍රයකින් වැටීමයි. (පි. 72)
අනුවුත්ථ
ති. වාසය කළ. විසු. (පි. 72)
අනුසංපවඞ්ක
න. අවවාදයට අනුව නැමීම. (පි. 72)
අනුසංයායති
ක්‍රි. (අනු+සං+යායති) අනුසඤ්චරණය කරයි, ඇවිදියි. (පි. 72)
අනුසංයායන
න. හැසිරීම, අනුසඤ්චාරණය. (පි. 73)
අනුසංවච්ඡර
න. අවුරුද්දක් පාසා, අවුරුද්දක් ගානේ. (පි. 73)
අනුසංසරණ
න. හැසිරීම, අනුසඤ්චාරය. (පි. 73)
අනුසඤ්චරති
ක්‍රි. (අනු+සං+චර. √ භු. චරණෙ, හැසිරීමෙහි +ති) හැසිරෙයි. (පි. 72)
අනුසඤ්චරිත
ති. හැසිරෙණ ලද. (පි. 72)
අනුසඤ්චෙතෙති
ක්‍රි. (අනු+සං+චිත. √ චු. සඤ්චෙතනෙ, සිතීමෙහි +ණෙ+ති) සිතයි, අනුස්මරණය කරයි. (පි. 72)
අනුසඤ්ඤත්ති
ඉ. විධානය, නියොගය. (පි. 73)
අනුසඤ්ඤාති
ක්‍රි. (අනු+සං+ඤා. √ භු. අවබොධස්මිං, දැන්මෙහි +ති) අඟවයි, මෙහෙයයි. (පි. 73)
අනුසඤ්ඤායමාන
ති. අඟවනු ලබන, දන්වනු ලබන. (පි. 73)
අනුසදති
ක්‍රි. (අනු+සං+ධා. √ භු. ධාරණෙ, දැරීමෙහි +ධ=ද+ති) සංසන්දනය වෙයි. (පි. 72)
අනුසන්ධති
ක්‍රි. (අනු+සං+ධා. √ භු. ධාරණෙ දැරීමෙහි +ති) සන්ධි කෙරේ, ගැළපීම කෙරෙයි. (පි. 73)
අනුසන්ධි
ඉ. සන්ධිය, ගැළපීම, මුට්ටු කිරීම, දෙකක් එකට හැමැන්නවීම. (පි. 73)
අනුසන්ධිවචන
පු. බුද්ධවචනයට ගළපා-සුදුසු ලෙස පවත්නා වචනය, ශ්‍රාවක භාෂිතය. (පි. 73)
අනුසම්පවඞ්ක
ති. අවනතවීම, කයින් සිතින් හා වදනින් නැමීම. (පි. 73)
අනුසය
පු. අනුසහගතරාගාදිය, පසුතැවිල්ල ප්රස්තුතයාගේ අනිවෘත්තිය, සත්ත්වයන්ගේ සිතුතුළ නැවත නැවත උපදනා කාමරාග, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, භවරාග, අවිජ්ජා යන ක්ලේශයෝ සත්දෙන අනුසයෝය. අප්පහීනට්ඨෙන අනු අනු සන්තානෙ සෙනතීති=අනුසයා. (පි. 73)
අනුසයිත
ති. අනුව සයනය කළ. නොහැර පැවති. (පි. 73)
අනුසරණ
න. අනුස්මරණය, සිහිකිරීම. (පි. 73)
අනුසරති
ක්‍රි. (අනු+සර. √ භු. චින්තායං, සිතීමෙහි +ති) සිහිකෙරෙයි, ගමන් කෙරෙයි. (පි. 73)