සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 88

අනුසවති

ක්‍රි. (අනු+සව √ ගතියං, යාමෙහි +ති) වැගිරෙයි, ගලාබසියි. (පි. 73)

අනුසවන

න. වැගිරීම, ගලා බැසීම. (පි. 73)

අනුසහගත

ති. කුඩාව පැවති, එක්ව පැවති. (පි. 73)

අනුස්සති

ඉ. සිහිකිරීම, ආවර්‍ජනා කිරීම, “දසානුස්සති” බලනු. (පි. 72)

අනුස්සද

ති. උද්ධත නොවූ, උඩඟු නොවූ. (පි. 72)

අනුස්සරණ

න. සිහිකිරීම, මෙනෙහි කිරීම. (පි. 72)

අනුස්සරති

ක්‍රි. (අනු+සර. √ භු. චින්තායං, සිතීමෙහි +ති) සිහිකරයි. (පි. 72)

අනුස්සරිත

ති. සිහිකළ, මෙනෙහි කළ. (පි. 72)

අනුස්සව

පු. ආශ්‍රව, ආරංචියෙන් ඇසීම, පරම්පරා කථාව. (පි. 72)

අනුස්සවණ

න. මේ මෙසේලුයි ආරංචියෙන් ඇසීම. (පි. 72)

අනුස්සවික

ති. ආරංචියෙන් අසන. (පි. 72)

අනුස්සවිත

ති. අස්වනලද, ඇසුවූ. (පි. 72)

අනුස්සාර

පු. නිග්ගහීතයට පරියාය නාමයකි. (පි. 72)

අනුස්සාවක

පු. අස්වන්නා, කථිකයා, මෙරමා හට කියන්නා. (පි. 72)

අනුස්සාවණ

න. ඇස්වීම, ශ්‍රවණය කරවීම. (පි. 72)

අනුස්සාවික

පු. (අනුස්සාව+ඉක) අස්වන්නා. (පි. 72)

අනුස්සාවෙති

ක්‍රි. (අනු+සු. √ සු. සවණෙ, ඇසීමෙහි +උ=ඔ=ආව+ණෙ+ති) අස්වයි. (පි. 72)

අනුස්සාහික

පු. උත්සාහ නැත්තා, වීර්‍ය්‍ය නැත්තා. (පි. 72)

අනුස්සාහිත

ති. උත්සාහ රහිත, අලස, නොඔසවනලද. (පි. 72)

අනුස්සුක

ති. (අ=න+උස්සුක) උත්සාහ නැති, වීර්‍ය්‍ය රහිත. (පි. 72)

අනුස්සුත

ති. (අනු+සුත) අසනලද, ඇසු. (පි. 72)

අනුස්සුති

ඉ. අනුස්මෘතිය, යමක් අනුව උපන් සිහිය. (පි. 72)

අනුස්සුතික

පු. (අනු+සු+ණික) ආරංචියෙන් කියන්නා. (පි. 72)

අනුස්සුයක

පු. ‘අනුසුයක’ බලනු. (පි. 72)