සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 89

අනුසාර

පු. අනුව යාම, අනුව පැවැත්ම, අනුව විසීම. (පි. 73)

අනුසාරී

ති. අනුව පවතින, අනුව යන. (පි. 73)

අනුසාරෙති

ක්‍රි. (අනු+සර. √ භු. ගතියං, යාමෙහි +ණෙ+ති) අනුව යෙයි. අනුව පවතියි. (පි. 73)

අනුසාවන

ති. කර්‍ම වාක්‍යය ඇස්වීම. (පි. 73)

අනුසාසක

පු. අනුශාසනා කරන තැනැත්තා. (පි. 73)

අනුසාසති

ක්‍රි. (අනු+සාස. √ භු. අනුතිට්ඨියං, අනුශාසනා කිරීමෙහි +ති) අනුශාසනා කරයි. (පි. 73)

අනුසාසන

න. අනුශාසනා කිරීම, නැවත නැවත අවවාද දීම. (පි. 73)

අනුසාසනී

ඉ. අනුශාසනාව, නැවත නැවත කරන අවවාදය. (පි. 73)

අනුසාසිත

ති. අනුශාසනා කරන ලද. (පි. 73)

අනුසික්ඛති

ක්‍රි. (අනු+සික්ඛ. √ භු. සික්ඛණෙ, හික්මීමෙහි +ති) හික්මෙයි, ඉගෙන ගනී. (පි. 73)

අනුසික්ඛමාන

ති. හික්මෙන. (පි. 73)

අනුසික්ඛී

ති. ශික්ෂා අනුව හික්මෙන. (පි. 73)

අනුසිට්ඨ

ති. අනුශාසනා කරනුලැබූ. “අනුසිට්ඨො සො මයා.” අනුශ්‍රවණය කළ. (පි. 73)

අනුසිට්ඨි

ඉ. අවවාදය, අනුශාසනාව. (පි. 73)

අනුසිබ්බති

ක්‍රි. (අනු+සිවු √ දි. තන්තු සන්තානෙ, විවීමෙහි +ති) වියයි, නූල් කටියි. (පි. 73)

අනුසුණාති

ක්‍රි. (අනු+සු. √ සු. සවණෙ, ඇසීමෙහි +උණා+ති) අසයි. ශ්‍රවණය කරයි. (පි. 73)

අනුසුම්භති

ක්‍රි. (අනු+සුම්භ √ භු. භාසනෙ, බැබලීමෙහි +ති) සරසයි, බබලයි. (පි. 73)

අනුසූයක

ති. (අන්=න+උසූයක) ඊර්ෂ්‍යා නොකරන. (පි. 73)

අනුසූයන

න. ඊර්ෂ්‍යා නොකිරීම. (පි. 73)

අනුසෙට්ඨි

පු. ධනවතා, ධන රැස්කරන්නා, සිටුවරයා. (පි. 73)

අනුසෙති

ක්‍රි. (අනු+සි. √ භු. සයෙ, සයනය කිරීමෙහි +ති) සයනය කරයි. (පි. 73)

අනුසො

අ. අනුව, එකඟව. (පි. 73)

අනුසොචති

ක්‍රි. (අනු+සොච+ √ භු. සොකෙ, ශොක කිරීමෙහි +ති) තමාගේ අපරාධය අනුව ශොක කරයි, විපාකය අනුව ශොක කරයි. (පි. 74)

අනුසොචන

න. පාපකර්මයට අනුව ශොක කිරීම. (පි. 74)