සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 90

අනුසොත

ති. ශ්‍රොතස අනුව. (පි. 73)

අනුසොතගාමී

ති. ශ්‍රොතස අනුව යන.
යෙ කෙචි කාමෙසු අසඤ්ඤතා ජනා
අවීතරාගා ඉධ කාමභොගිනො,
පුනප්පුනං ජාති විරූප ගාහිනො
තණ්හාධිපන්නා අනුසොතගාමිනො. (පි. 73)

අනූන

ති. (අන්=න+ඌන). නොඅඩු, සම්පූර්‍ණ, පිරුණු. (පි. 74)

අනූනක

ති. (අන්=න+ඌන). නොඅඩු, සම්පූර්‍ණ, පිරුණු. (පි. 74)

අනූනතා

ඉ. අනූනතාව, පිරුණුබව. (පි. 74)

අනූනාධික

ති. අඩුවැඩි නැති. (පි. 74)

අනූප

පු. ජලබහුල භූමිය, දෙනියාවත, දියාරු බිම. (පි. 74)

අනූපඝාත=අනුපඝාත

ති. නො නසන ලද, හිංසා නොකළ. (පි. 74)

අනූපජ

ති. ජලබහුල පෙදෙස්හි උපන්. (පි. 74)

අනූපධික=අනුපධික

ති. උපධිරහිත. ‘උපධි’ බලනු. (පි. 74)

අනූපනාහි=අනුපනාහී

ති. උපනාහ රහිත, බද්ධවෛර නැති. (පි. 74)

අනූපනීත=අනුපනීත

ති. උපමාරහිත, උපමා කිරීමට අනෙකෙකු හෝ අනෙකක් නැති. (පි. 74)

අනූපලිත්ත=අනුපලිත්ත

ති. නොතැවරුණු, නොගෑවුනු. (පි. 74)

අනූපවාද=අනුපවාද

ති. උපවාද රහිත, නින්දා නොඑළවනලද. (පි. 74)

අනූහත

ති. (අන්=න+ඌහත) නොනසන ලද, නොනැසූ. (පි. 74)

අනෙක

ති. (අන්=න+එක) එකසඞ්ඛ්‍යාවක් නොවන, එකක් නොවන. (පි. 74)

අනෙකංස

පු. (අන්=න+එකංස) එකක් නියම කරගත නොහැකි, එකක් නියම නැති, සැකය, එකාන්ත නොවන කරුණ. (පි. 74)

අනෙකකම්මක

පු. දුහාදි හා න්‍යාදි ද්විකර්‍මක ධාතුහු අනෙකකර්‍මක නමි. (පි. 74)

අනෙකත්ථ

පු. නොයෙක් අර්ථ ඇත්තා, උපසර්‍ග නිපාත ධාතුප්‍රත්‍යය ආදිය. (පි. 74)

අනෙකන්තික

පු. එකාන්ත නොවන්නේ අනෙකාන්තිකයි. පඤ්චවිධ හේත්වාභාෂයන් අතුරෙන් ප්‍රධානවූයේ අනෙකාන්තිකය. (පි. 74)

අනෙකපරියාය

පු. (අන්=න+එකපරියාය) නොයෙක් ප්‍රකාරය, බොහෝ ක්‍රමය. (පි. 74)

අනෙකවිධ

ති. එකවිධියක් නොවන, නානා ප්‍රකාර. (පි. 74)

අනෙකවිහිත

ති. (අන්=න+එක+විහිත) නානාතැන පිහිටි, නානාප්‍රකාර. (පි. 74)

අනෙකසඞ්ඛ්‍යා

ඉ. මිස්සක ගුණිත ආදි පඤ්ච විධ සංඛ්‍යා අතුරෙන් අනෙක අර්ථයන් ප්‍රකාශ කරන සංඛ්‍යා-සහස්සරංසි සතතෙජ ආදියයි. (පි. 74)