සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 91

අනෙජ

ති. (අන්=න+එජ) එජා විරහිත, ආශා නැති, තෘෂ්ණා නැති. (පි. 74)

අනෙධ

පු. (අන්=න+එධ) දර රහිත. (පි. 74)

අනෙරිත

ති. (අන්=න+ඊරිත) කම්පා නොකළ, චඤ්චල නොවූ. (පි. 74)

අනෙලක

ති. ජඩ නොවන, නිවැරදි, නිදොස්. (පි. 74)

අනෙසනා

ඉ. භික්ෂුන්ට අයොග්‍ය ප්‍රත්‍ය සෙවීම අනෙසනා නමින් හඳුන්වයි. එනම් 21 ආකාර වූ අනෙසනයි. 1. හුණ දඬු දීම. 2. තාම්බූලාදි පත්‍ර දීමය. 3. මල් දීමය. 4. ඵල වර්‍ග දීමය. 5. දැහැටි දඬු දීමය. 8. ඇඟ උලන සුණු ආදිය දීම. 9. මැටි දීමය. 10. චාටු කමින් උපස්ථායකයන් ඉදිරියෙහි සිටීම. 11. මුග්ගසූපතාවය, පිසූ මුං මෙන් මඳක් සැබෑත් වැඩියත් බොරුත් කීමය. 12. පාරිභට්ටනා නමින් දැක්වූ කුලදරුවන් නැලවීම ආදිය. 13. ජඞ්ඝපෙසනිකා නම් ලද ගිහියන්ගේ ලියුම් කියුම් හුවමාරු කිරීම. 14. ගිහියන්ට වෙදකම් කිරීම. 15. දූත කර්‍ම වූ ගිහියන්ගේ පණිවුඩ කීමය. 16. පහෙණ ගමන නම්වූ මෙහෙවර පිණිස කෙත්වත් ආදිය ලබාගැනීම. 17. පිණ්ඩප්‍රතිපිණ්ඩනයයි කියනු ලබන තමා ලද දෙය ගිහියන්ට දී ඔවුන් ලද දෙය තමා ලබාගැනීම. 18. ලාභාශාවෙන් අල්ලස් දීම. 19. ගෙබිම් ආදිය පෙන්වන වාස්තුවිද්‍යාව දැක්වීම. 20. තිථි හෝරාදිය දක්වන නක්ෂත්‍ර විද්‍යාවෙහි යෙදීම. 21. අඞ්ගප්‍රත්‍යඞ්ගයන්ගේ ලක්ෂණාදිය විස්තර කර දෙන අඞ්ග විද්‍යාවෙහි යෙදීමය යන මේ 21 ක්‍රමයකින් ප්‍රත්‍යය සෙවීම අනෙසන නම් වේ.
ඉ. සෙවීම, අන්වෙසනය, වැරදි ලෙස ප්‍රත්‍යය සෙවීම. (පි. 74)

අනෙළ

ති. (අන්=න+එළ) කෙලතොලු නොවන, ජඩ නොවන, නිදොස්. (පි. 74)

අනෙළගල

ති. (අන්=න+එළ+ගල) කෙල වැගිරෙන තොල් නැති, ජඩ නොවන, නිදොස්වචන ඇති. (පි. 74)

අනෙළමූග

ති. (අන්=න+එළමූග) කෙලතොලු නොවූ, නිදොස් බස් ඇති. (පි. 74)

අනොක

පු. (අන්=න+ඔක) ඔක රහිත, අනගාරික, වාසස්ථාන නැති, ආලය රහිත, අවකාශ නැති. ‘ඔක’ බලනු. (පි. 75)

අනොකප්පන

ති. නො අදහන, විශ්වාස නොකරන. (පි. 75)

අනොඝ

පු. (අන්=න+ඔඝ) ඔඝ විරහිත, චතුර්විධ කාමොඝාදිය නැති. (පි. 75)

අනොජක

පු. එනම් ගස. (පි. 75)

අනොජග්ඝති

ක්‍රි. (අනු+උ+ජග්ඝ √ භු. හසනස්මිං, සිනාසීමෙහි +ති) උජ්ජග්ඝනය නොකරයි, අත්පොළසන් ගසා මහත් කොට සිනා නොවෙයි. (පි. 75)

අනොජග්ඝන

න. උජ්ජග්ඝනය නොකිරීම, මහත්කොට සිනා නොවීම. (පි. 75)

අනොජව

ති. තෙජස් රහිත, තෙද නොමැති. (පි. 75)

අනොජා

න. එනම් ගස. (පි. 75)

අනොතත්ත

පු. රත්නොවන ජලය ඇති එනම් විල. හිරු රැසින් නොතැවෙන දිය ඇති හෙයින් අනොතත්ත නම් ලද මේ විල හිමාල වනයෙහි මහ විල් සත අතුරෙන් ප්‍රධාන එකයි, ගැඹුරින් හා පළලින් පනස් යොදුන් වෙයි. පඤ්ච පර්‍වතයන්ගෙන් වටවී තිබේ. එනම්:- ස්වර්‍ණමය සුදර්‍ශන පර්‍වතය, සර්‍වරත්නමය චිත්‍රකූට පර්‍වතය, අඤ්ජනමය කාලකූට පර්‍වතය, මාඤ්ජෙෂ්ටමය ගන්ධමාදන පර්‍වතය, රජතමය කෛලාස කූට පර්‍වතය යන පඤ්ච පර්‍වතයන්ගෙන් වට වී තිබේ. මේ විලෙහි සතර පැත්තේ සිංහ මුඛය, අශ්ව මුඛය, හස්තිමුඛය, වෘෂභ මුඛයයි ජලය නික්මෙන සොරොව් සතරක් වෙත්. පහාරාද සූත අටුවාව බලන්න. (පි. 75)

අනොත්තප්ප

පු. (අන්=න+ඔත්තප්ප) පාපයට බිය නැති, ඔතප් නැති. න. ඔත්තප්පං=අනොත්තප්පං. (පි. 75)

අනොත්තප්පන

න. පාපයට බිය නොවීම. (පි. 75)

අනොත්තප්පී

ති. පාපයට බිය නැති, ඔතප් නැති. (පි. 75)

අනොදක

ති. (අන්=න+උදක) ජලය රහිත, දිය නොමැති. (පි. 75)

අනොදිස්සක

පු. කොටස් නොමැති. භාග වශයෙන් නොබෙදන ලද. (පි. 75)

අනොධි

පු. (අන්=න+ඔධි) අර්‍හන්මාර්ගය. (කෙලෙසුන් ඉතිරි නොකොට නසන හෙයින් අර්‍හන්මාර්ගය ‘අනොධි’ නම් වේ.) ‘ඔධි’ බලනු. (පි. 75)

අනොපම

ති. (අන්=න+උපම) උපමා රහිත. (පි. 75)